Logo
Logo

හැමදාම එයාගේ හිතේ ඔයාම විතරක් වෙන්න මෙන්න රහස....(අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

හිත කියන්නෙම හරිම අමුතු තැනක්.. හිත කැමතිම, හිතට ඕන කරන දේවල් අපි කරනවට. ඒ කියන්නෙ එතකොට අපි ඉන්නේ සතුටින්. එහෙම නැත්නම් අපි සතුටෙන් කියලා අ...


හිත කියන්නෙම හරිම අමුතු තැනක්..

හිත කැමතිම, හිතට ඕන කරන දේවල් අපි කරනවට.


ඒ කියන්නෙ එතකොට අපි ඉන්නේ සතුටින්.


එහෙම නැත්නම් අපි සතුටෙන් කියලා අනිත් අයට දැනෙන්නේ අපේ ඉරියව් මගින්.

අන්න ඒ විදියට සතුට පෙන්නවන හොදම ඉරියව්වක් තමා සිනහව.


හිනා වෙනා ඉන්න පුළුවන් නම් අපි කාගෙත් ජීවිත වලට ලොකු වටිනාකමක් ලැබෙනවා.


"මේ තියෙන ප්‍රශ්න එක්ක මොන හිනාද?" 


මේ විස්තරය කියවද්දි ඔයාට හිතෙන්න පුළුවන්..

පොඩ්ඩක් කල්පනා කරන්න කාටද ප්‍රශ්න නැත්තේ.

අපි හැමෝටමත් ප්‍රශ්න උරුමයි.

ඉපදෙනවා කියන්නෙම ප්‍රශ්නයක්.

එ නිසා අපිට පුළුවන් හිනාවට අපේ ජීවිතේ වැඩි ඉඩක් දෙන්න ඕන.


මේ විදියට හිනාව ගැන කියාගෙන ආවේ කාන්තාවක්,තරුණියක් විදියට ඔයාගේ ජීවිතයට වැදගත්වෙන විස්තරයක් කියන්න.


අද life line කතාබහ ඔයාගේ ආදරවන්තයාව,සහකාරුවාව ජීවිතේ පුරාම නොවෙනස්ව දිනාගන්න විදිය ගැන.


අපි කවුරුත් කැමති හිනාවෙන් ඉන්න අයට,

වේදනා දරා ගෙන ඉන්න අය දකින්න අපි කැමති නෑ.


මේ කියන්න හදන්නේ හැමදාම ඔයාගේ ආදරණීය පෙම්වතාගේ සැමියගේ සිත දිනාගෙන ඉන්න පුළුවන් විදි ගැන.


දිවි ඇති තුරාවට තමන්ගේ පෙම්වතා හෝ සැමියා ගේ සිත දිනාගෙන සතුටින් ආදරයෙන් ඉන්න අකමැති කවුද ? 


හැම තරුණියකගේම ප්‍රාර්ථනය තමන් ආදරය කරන තැනැත්තාගේ ප්‍රියතම චරිතය බවට පත්වෙන එක.


ඒත් ඔයාගේ පෙම්වතා, සැමියා, සැබැවින් ම කැමති වන ගුණාංග මොනවාද කියලා ඔයා දැන්නේ  නැති වෙන්න පුළුවන් . 


පිරිමින් කාන්තාවන් තුළ දකින්නට කැමති පොදු ගුණාංග තිබෙනවා. 


ඒ ගැන දැනගෙන ඉදීමෙන් ඔයාට  සහකරුගේ සිත සම්පූර්ණයෙන් ම දිනා ගන්නට ඔබට හැකිවෙනවා සිකුරුයි.


පෙම්වතිය ,බිරිඳ සතුටින් ඉන්නවා දකින්නට හැම පිරිමියකු ම කැමතියි. 


නිතර හිනාවෙලා ඉන්න, ලස්සනට කතා කරන, ඉක්මණින් ම ළතැවුල් අමතක කරන අයට ඔවුන් හරි කැමතියි. 


හැම දේටම කණු කුණු ගාන, පොඩි දේටත් හඬා වැළැපෙන ගැහැනු අයට පිරිමින් කැමති නෑ. 


ඔබ සතුටු කරන්නට ඔහු මොනදේ කළත් ඔබ එහි නිතරම  අඩුවක් දකිනවා නම් ඔහු ඔබ කෙරෙහි තියෙන  ආදරය  ක්‍රමයෙන් අඩු වෙනවා.


අවසානයේ ඔබටත් හොරෙන් ම ඔහු වෙනතක් බලා ගනීවි.


පෞරුෂත්වය වර්ධනය කරගන්නට  තමන්ට උදවු වන ළඳුන්ටත් පිරිමින් කැමතියි. 


හැඩිදැඩි නොවුණත් “පිරිමිකම” ඉස්මතු වෙන විදියට  හැසිරෙන පිරිමින්ට කාන්තාවනුත් වැඩිය කැමතියි. 


මෙතනදි අපේ ගොඩක් අය වැරදවා හිතන දෙයක් ගැන කියන්න ඕන


ඒ තමයි පිරිමිකම ගැන..


පිරිමිකම කියන්නෙ කාන්තාවන් තලා පෙළීම, නිතර දෙවේලේ බැණ අඬ ගැසීම හෝ ගුටිබැට දීම නොවෙයි. 


අවශ්‍ය තැනදී ඇයට ආදරය, ආරක්ෂාව මෙන් ම ශක්තියක් වීමයි. 


එම ගුණාංග වර්ධනය කරගන්නට සහය වන තමා අගය කරන, ධෛර්යවත් කරන කාන්තාවන්ට පිරිමි ගොඩාක් කැමතියි. 


අම්මා වගේ කරුණාවන්ත වුණත් ඔහුට පුංචි ළමයකුට වගේ සලකන කාන්තාවන්ට පිරිමින් කැමති නෑ,


ඔබ අනාරක්ෂිත ළඳක්ද? ඔබට ඔබ ගැන ම විශ්වාසයක් නැද්ද? ඔහු නැතිව ඔබට කිසිවක් කරගන්න බැරි බව ඔහුට හඟවනවාද? හැඟීම්වලට වහල් වෙනවාද? එවැනි ගැහැනුන්ට පිරිමි කොහෙත් ම කැමති නැහැ.


ඊලගට කියන්න යනදේත් ගොඩාක් වැදගත් 


එයාගේ යහලුවන් සමඟ වැඩිපුර ගැවසෙන විට ඔහු නැතිව සිටීමට බැරි තරම් පාළු බව කියමින් ඔහුට වද දෙනවාද? 

 

ඒකෙන් ඔයාට  වෙන්නෙ නොහිතන දෙයක්.ඒ කිව්වේ ඔයා එයාට ඒ තරමට ම ආදරේ බව පෙන්වන්නට හැදුවට ඔහුට ඔබ එපා වෙන්නත් ඒ දේම හේතු වෙන්න පුළුවන්.

 

ඔයාට වගේම එයාටත්  පෞද්ගලිකත්වයක් ඇති බව පිළිගන්න. එහෙම වුනහම ඔහුට ඔබේ අගය වැඩියෙන් දැනෙනවා ස්ථිරයි.


එයාට ඔයා නැතිවම බැරි කෙනෙක් කරන්න නිතරම උත්සහ කරන්න හැබැයි ඒ,වෙනක්‍රම වලින් නෙමේ එයා කැමතිම දේවල් වලින්.


අනිත්කෙනාගැන  ඒ කියන්නෙ තමන් ගැන තමන්ටවඩා හිතන  සහකාරියකට කොයි පිරිමියාත් කැමතියි. 


ක්‍රියාවෙන් වගේම සිතිවිලිවලින් ද ඔයා එයාට ආදරේ බව සනාථ කරලා පෙන්වන්න. 


ඉඳහිට පුංචි ආදර වචන ටිකක් ලියල එයාගේ සාක්කුවට දමන්න. 


ඔහු දිරිමත් කරවන, අගය කරන වැකියක් ලියල sms එකක් යවන්න.


ඔයා වෙනුවෙන් ඔයාගෙ පවුල වෙබුවෙන් වෙහෙසවෙන කාර්යාලයේ වැඩ කන්දරාවට යටවී හෙම්බත්වී සිටින එයා ගේ සිතට ඒ වචනට්ක පුදුම සැනසිල්ලක් වෙනවා. 


හරියට ඉඩෝරයට පොද වැස්සක් වගේ.


අන්‍යොන්‍ය සෙනෙහස ඉතා වැදගත් දෙයක්. ඔ‍බේ සහකරු තුළත් එවැනි ගුණාංග වර්ධනය කරගන්නට ඔයාටම මුල් වෙන්නට පුළුවන්.


සතුටු සිනා බෝ කරන්න. පිරිමින් පමණක් නොවෙයි ඕනෑ ම කෙනෙක් සිනා මුසු මුහුණක් දකින්න කැමතියි. හැමවිට ම සතුටින් සිටින්නට උත්සාහ කරන්න. 


සතුටු සිනාවකින් ඔබේ සහකරු පිළිගන්න.


සතුටු සිනාවකට කළ හැකි දේ බොහෝමයි. 


ඔබ සතුටින් සිනා සෙනවිට ඔබ වටා සිටින හැම දෙනාටමත් ඒ සතුටු සිනාව බෝ වෙනු ඇති. මූණ දික් කරගෙන, තරහින් පිපිරෙන ගැහැනුන්ට වඩා දහසක් වේදනා දරා ගෙන තුටින් මුව සරසාගෙන සිටින ගැහැනුන් දකින්න ඕනෑම කෙනෙක් කැමතියි.


මේ කියන්න යන කාරණය තවත් ව වැදගත්  දෙයක්


ඒ තමා ඔබෙ සංවේදීකම.


ඉන්ද්‍රිය සංවේදී කාන්තාවන්ට පිරිමින් ගොඩාක් කැමතියි. 

මේකෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රියයන් පිනවීම පමණක් ‍නෙමේ.

ඒ කියන්නේ ලිංගික සම්බන්ධතාවලදී වඩාත් සක්‍රිය වීම පමණක් නොවෙයි. 


අනෙකාගේ හැඟීම් දැනීම් ගැන අවබෝධයෙන් යුතු වීම කියනා කාරණය.


අනිත් කෙනාගෙ දුක වේදනාව හැඳිනීම වගේම ආහාර ගැනීම, ඇඳුම් පැලැඳුම් මෙන් ම ගමන් බිමන් ගැන පවා කිසියම් අවබෝධයකින් රටාවකින් යුක්තව කටයුතු කිරීම මේකෙදි  අදහස් කරන්වා . 


එවැනි අය සමඟ සබඳතා පවත්වා ගැනීම පිරිමින්ට පහසුයි. ඒ වගේ ම එවැනි සබඳතා දීර්ඝකාලීන වෙනවා.



කාමුක හෝ අසැබි නොවන වදන් තෙපලීම, සංවර එහෙත් ආකර්ෂණීය ඇඳුම් පැලැඳුම්, කෝළ වදන්, ඉඟිබිඟි මෙන් ම දෙනෙත් කතාවෙන් ඔහු ගේ සිත ඔබ වෙතට ඇද බැඳ ගන්නට සොඳුරු ළඳකට නියත වශයෙන්ම පුළුවන් 


යහපත් ගතිගුණ හා අවංක බවත් ගැහැනුන් තුළ පිරිමින් දකින්නට කැමති ගුණාංග අතර මුල් තැනක් ලැබෙනවා.


ස්ත්‍රි - පුරුෂ සබඳතාවක බලවත්ම බැම්ම අන්‍යොන්‍ය විශ්වාසයයි. 

දෙදෙනකු අතර සබඳතාවක් බිඳී යන්නට මූලික හේතුව වන්නේ එකකු අනෙකා තුළ තැබූ විශ්වාසය බිඳී යන සේ කටයුතු කිරීමයි. 


ඔහු ඔබෙන් පතන අවංක භාවය 100%ක්ම රකින්නට ඔබ අපහසු වුණු දා පටන්ම ඔබේ සබඳතාව තර කළ රැහැන්පට එකිනෙක ලිහී යන්නේ ඔබටත් හොරෙන්. 


එය පිරිමියා ගේ පැත්තෙන් ද එසේම විය යුතුයි. බොරු කීම, වංචාව, සොරකම හෝ රැවටීම ඔබේ චරිතාංග අතරට යන්තම් හෝ ගෑවී තිබෙනවාද?


 එවැනි ගැහැනුන් ඉතා ඉක්මණින් ම පිරිමින්ට එපා වෙනවා. සැපේදි මෙන් ම දුකේදිත් තමා සමඟ නොවෙනස්ව සිටින ගැහැනුන්ට පිරිමින්ට වඩාත් කැමතියි. ජයග්‍රහණයේදී තමා දිරිමත් කරන තමා සමඟ සතුටු වන සහකාරියන් මෙන් ම පරාජයේදීත් නොවැටී තමා දිරිමත් කරන ගැහැනුන්ට පිරිමින් වඩාත් කැමතියි. 

 

ඇති හැකි කාලෙට ඇලී ගැලී ඉඳලා නැති බැරි කාලෙට වෙනස් වෙන චරිතවලට පිරිමින් කැමති නෑ. ජීවන සටන ගෙනියන්නට තමා හා කරටකර සිටිමින් සහයෝගයෙන් කටයුතු කරන කාන්තාවන්ට පිරිමින් වඩා කැමතියි.


යුග දිවියක බැමි තහවුරු කරන්නට ලිංගික සබඳතා ද වැදගත් වෙනවා. වයසට ගියත් ලිංගිකව ක්‍රියාශීලී වන ගැහැනුන්ට පිරිමින් වඩා කැමතියි. පෙමෛන් බැඳුණු හෝ විවාහ වූ අලුත ගෙවූ ශක්තිමත් ලිංගික දිවිය ක්‍රමයෙන් ලිහිල් වී යනු දකින්නට පිරිමින් කැමති නෑ. වියපත් වුවත් වඩා සක්‍රිය ලිංගික දිවියක් පවත්වා ගැනීම මෙන් ම සෙනෙහසින් සතුටින් විසීමත් ඔවුන් ගැහැනියකගෙන් අපේක්ෂා කරනවා.


රසට උයන්න පුළුවන් ළඳුන්ට පිරිමින් වඩා කැමතියි. හැමදාම පිටින් කන පිරිමින් පමණක් නොවෙයි, ගෙදරින් වුණත් හැමදාම එකම දේ එකම රසයට ගන්නත් ඔවුන් කැමති නෑ. 


විවිධ රසයට විවිධ ක්‍රමයට ආහාර පාන පිළියෙල කරන ළඳුන් හැර යන්නට පිරිමි ටිකක් අකමැතියි. ‘මගේ බිරිඳට රසට උයන්න පුළුවන්’ කියලා ඔවුන් කියන්නේ ආඩම්බරයෙන් යුතුවයි.

 

ඉඳහිටවත් ඔහු කැමති කෑමක් හදලා, අලුත් විදිහකට පිළිගන්වන්න. උණුසුම් රසවත් ආහාර වේලක් සකසා ආදරයෙන් පිළිගන්වන්න. කෑම මේසය ලස්සනට සකස් කරන්න. ඔහු ප්‍රිය කරන ආහාර නිතර හදා දෙන්න. ඔබ දෙදෙනා ම කාර්යබහුල වෙන්න පුළුවන්. ඒත් මේ සුළු දේවල් වලින් ඔබේ ජීවිතේ ආදරය උතුරන්න පටන් ගන්නවා නිසැකයි.


ඔය දෙන්න මුලින්ම දැක්ක දවසේ දැනුන ඒ හිට කකියන හැගීමෙන් හැමදාම ජීවත්වෙනවා ස්ථිරයි 


අන්තර්ජාල‍ය ඇසුරෙනි.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: හැමදාම එයාගේ හිතේ ඔයාම විතරක් වෙන්න මෙන්න රහස....(අතිශයින්ම කාන්තාවන්ට පමණයි )
හැමදාම එයාගේ හිතේ ඔයාම විතරක් වෙන්න මෙන්න රහස....(අතිශයින්ම කාන්තාවන්ට පමණයි )
https://1.bp.blogspot.com/-bHG0ttSA3dk/YIZduI16jsI/AAAAAAAACoI/e9pcxwuyWN4CPIejU00J--yyW6k0gYKDQCLcBGAsYHQ/s16000/husband-and-wife-kissing-lying-on-the-floor-at-hom-HPPU6E7.jpg
https://1.bp.blogspot.com/-bHG0ttSA3dk/YIZduI16jsI/AAAAAAAACoI/e9pcxwuyWN4CPIejU00J--yyW6k0gYKDQCLcBGAsYHQ/s72-c/husband-and-wife-kissing-lying-on-the-floor-at-hom-HPPU6E7.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/04/wifehusband.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/04/wifehusband.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content