ගහක් උඩ තියෙන කුරුළු කූඩුවක ඉන්නකොට දැනෙන හැඟීම කොයි වගේ ද ? එහෙම පොළව මට්ටමේ ඉඳලා අඩි 30ක් 40ක් විතර විතර උසින් පයින් ගහක් උඩ අද්දැකීමක් ...
ගහක් උඩ තියෙන කුරුළු කූඩුවක ඉන්නකොට දැනෙන හැඟීම කොයි වගේ ද ? එහෙම පොළව මට්ටමේ ඉඳලා අඩි 30ක් 40ක් විතර විතර උසින් පයින් ගහක් උඩ අද්දැකීමක් ගන්න කැමති අයට නියම තැනක් ගැනයි මේ කියන්න යන්නේ. මේක ටිකක් අමුතු විදිහේ නවාතැනක්. අමුතුම Concept එකකට හදපු මේ සුන්දර නවාතැනතමයි The Three House කියන්නේ මෙක පිහිටලා තියෙන්නේ ගිණිගත්හේනේ. පරිසරය විදින් පරිසරය එක්ක එකකට කැමති Couple එකකට මේක මරු තැනක්. මේක හදලා තියෙන්නේ කෙහෙල්ගමුඔයට මායිම් වෙලා තියෙන අක්කර 20ක විතර කැලෑබද ඉඩමක. මේ නිසා නියම Eco holidayඑකක් මෙතන ගත කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉඳලා කෙහෙල්ගමු ඔයට Jungle trekking path එකකුත් තියෙනවා. ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි පුංචි ළමයි අරං යන එක ටිකක් හොඳ මදි මොකද මේක ගහක් උඩ තියෙන නිසා . ගිණිගත්හේනේ කිව්වට මේක තියෙන්නේ කොළඹ හැටන් පාරේ කිතුල්ගලට කිට්ටුව. හරියටම ඇබර්ඩීන් දිය ඇල්ලට යන පාරේ. නිසා කොළඹ ඉදලා පැය දෙකක් දෙකහමාරක් යනකොට මෙතනට යන්න පුළුවන්.