අපි ඉපදුනු මොහෙතේ පටන් කවදහරි මේ ජීවිතයෙන් සමුගන්න මොහොත වෙනකල් ගතවන හැම තත්පරයක්ම අපිට පලදායී විදිහට ගෙවන්න තියෙනවා නම් අපි හරිම කැමතියි....
අපි ඉපදුනු මොහෙතේ පටන් කවදහරි මේ ජීවිතයෙන් සමුගන්න මොහොත වෙනකල් ගතවන හැම තත්පරයක්ම අපිට පලදායී විදිහට ගෙවන්න තියෙනවා නම් අපි හරිම කැමතියි.
විශේෂයෙන්ම අපි කැමති,අපි ආස විදිහට හැමදේම සිද්ධ වෙනවනම්.
හැබැයි ජීවිතේ කියන්නේ ඒ් වගේ අපි හිතන පතන දේවල් ඒ් විදිහටම ඉෂ්ඨවෙන තැනක් නම් නෙමෙයි.
මේ නිසාමයි අපි මේ ලෝකෙට බිහිවෙද්දිම අපි උපදින වෙලාව අනුව ජන්ම පත්‍රයක් නැත්නම් කේන්දරයක් අපිට හදන්නේ.
මේ කේන්දරයට පුළුවන් අපේ ජීවිතේ අතීතය ගැන වගේම අනාතගය ගැන අපිට කියලා මතක් කරලා දෙන්න.
කවුරු කොහොම මේ දේවල් විශ්වාස කලත් නොකලත් ජීවිතේ වැදගත් හැම වෙලාවකම මෙන්න මේ කේන්දරේ බලන්න නම් අමතක කරන්නේ නෑ.
එකකොට අද මේ කියන්න හදන්නේ කේන්දරේ ගැනද ?
දැන් ඔයාට හිතෙනවා ඇති.
නෑ නෑ අද කියන්න යන්නෙ කේන්දරේ වගේම ඔයාගේ ජිවිතයට සම්බන්ධ හැබැයි ඒ් තරම් සංකීර්න නැති.
ඔයාව වගේම ඔයාගේ සමීපතමයන්, ආදරවන්තයන් හරියටම තේරුම් ගන්න පුළුවන් විදිහක් ගැන.
හොඳයි අද මේ කියන්න හදන්නේ හැමකෙනාගෙම ජීවිතය ගැන හොඳ මතුපිට කියවීමක් කරන්න පුළුවන් ජෛව අංකය නැතිනම් ආත්ම අංකය ගැන.
මේ වචනේ ගොඩාක් අහල පුරුදු වුනාට මේ අංකමය ආත්ම කියවීම ගැන අපේ රටේ අය ඒ් තරම් උනන්දු වෙන්නේ නෑ.
නමුත් චීනය,ජපානය වගේම අමෙරිකාව,එංගලන්තය වගේ ප්‍රබල යුරේපීය රටවල් වල අය මේ ජෛව අංක විද්‍යාව හොඳින්ම පරිහරනය කරන විශ්වාස කරන පිරිස් වෙනවා.
ඒ් නිසාම ඒ් අයගේ ජීවිත වඩාත් සාර්ථක වගේම එකිනෙකා අතර විශ්වාසය නැත්නම් අන්‍යෙන්‍ය අවබෝධය ගොඩක් ඉහලයි.
හරි දැන් කියන්නම් මොකක්ද මේ ජෛව අංකය නැත්නම් ආත්ම අංකය කියලා.
මිනිසෙකුගේ පෞරුෂත්වය හා පැවැත්ම සඳහා ආත්ම අංකය සුවිශාල බලපෑමක් ඇති කරනවා.
මේ මුළු ලෝකයම ශක්තින්ගේ එකතුවක්.
මිනිස්සු වන අපිත් ඒ් ශක්තීන් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
අන්න ඒ් අපිට උරුම අපේ ශක්තීන්,දුර්වලතා,වගේම අපිට අපි ගැන දැනගන්න පුළුවන් විශ්මිත කියවීමක් තමා ආත්ම අංකයෙන් කියවෙන්නේ.
හැම ශක්තියක් සතුවම ගණිතමය නැතිනම් සංඛ්‍යානමය ප්‍රකාශනයක් තියෙනවා.
මේ සංඛ්‍යා වල අභිරහස ද ශක්තියේම එක් කොටසක්,
ඒ්ක විශ්වයේ පවතින ග්‍රහලෝකවල සිට මිනිසා දක්වා සහ අනෙකුත් දේ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්න සමත්වෙලා තියෙනවා.
****
ලෝකෙ කම්පනය වන චලනය වන දේවල් තියෙනවා නේ.
මිනිසා කියන්නනේ අන්න ඒ් වගේ චලනය වන දෙයක්.
එතකොට සංඛ්‍යාමය කියවීමට අනුව මිනිසා සංයෝගම ඒ් කියන්නේ අංක ගොඩාත් එකතුවෙන් නිර්මානය වූ සැකැස්මක්.
මෙන්න මේ සැකැස්මට අදාලව ඔයාගේ ජීවිතය ගැන කියවීම තමා අද මේ වැඩසටහනෙන් අපි සිදු කරන්නේ.
හොඳහි අපි දැන බලමු කොහොමද ඔයාගේ ආත්ම අංකය එහෙම නැතිනම් ජෛව අංකය හොයා ගන්නේ කියලා.
මෙන්න මෙතන ඉදන් මේ වීඩියෝ එක බොහොම සාවධානව අහන්න බලන්න ඹ්න.
අතේ තේ කෝප්පයක් තියෙනවා නම් ඒ්කත් පැත්ත කින් තියලා , ගෙදර කට්ටයත් එක්ක කතාවකනම් ඉන්නේ හෙමින් ඔයාගේ කාමරේට ගිහින්,යන එන ගමන් නම් ඉන්නේ ගමන අවසාන වෙනකල් ඉඳලා, බැපුවොත් තමා ගොඩාක් වටින්නේ
මොකද මේ තමයි ඔයාට ඔයාගැන කියවගන්න ලැබෙන හොඳම වෙලාව.
ඒ් වගේම ඔයාගේ සමීපතමයින්,හිතවතුන් ,ආදරවන්තයා ,ආදරවන්තිය මේ හැමෝ ගැනම හොඳටම දැනගන්න ලැබෙන වෙලාව.
එයාගේ ගතිගුණ,ඒයාගේ සෞඛ්‍ය තත්වට,ගැලපෙන කෑම,පරිස්සමින් ජීවත්වෙන්න ඔින කාලයන් මේ හැමදේම මේ අංකයෙන් විග්‍රහ කරනවා.
ඒ කියන්නේ මේක බලන්නම ඔින වීඩියෝ එකක් .
*********************
හරි ඒහෙනම් දැන් පටන් ගනිමු ජෛව අංකයෙන් ඔයා ගැන කියවන්න.
මුලින්ම අපි අපේ ජෛව අංකය හොය ගන්න ඔින.
දැන් ඉතිං කලබල වෙලා කොල කෑලී ,පෑන්,පැන්සල් හොයන්න යන්න එපා.
හිටපු විදියටම සාවධානව ඉන්න.
ජෛව අංකය හොයන එක මහා ගතිනමය සූත්‍රයක් නෙමෙයි.
ඒ්කට ඔින කරන්නේ ඔයා ඉපදුනු දවස විතරමයි.
මේකට ඉපදුනු මාසය හරි අවුරුද්ද හරි අදාල වෙන්නේම නෑ.
උවමනා වෙන්නේ දිනය විතරමයි.
අපි දැන් බලමු ජෛව අංකය අංක එක වෙන්නේ මෙනා දවස්වල ඉපදුනු අයගෙද කියලා.
ඔයා ඉපදුනේ .01,10,19 හෝ 28 කියන දවස් වලින් එකක නම් ඔයාගේ අංකය අංක 01
දැන් බලමු අංක එක හිමි ඔයාගැන මොන වගේද ජෛව අංකයට අනුව කියවෙන්නෙ කියලා.
අංක එක හිමි අය ගොඩාක් නිර්මාණශීලී වෙනවා. නව නිපැයුම් වලට වගේම නිර්මාණාත්මක වැඩ වලට මේ අය හුඟක් දක්ෂයි.
ඒ් වගේම තමයි නිතරම හැම දෙයක් ගැනම ධනාත්මක ව ඒ් කියන්නේ සුබ වාදීව හිතනවා.
කරන ඔිනම වැඩක් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් කරනවා
හැබැයි මේ අය ටිකක් විතර මුරණ්ඩුයි කවුරුත් කියන දෙයක් ලේසියෙන් පිළිගන්නෙ නෑ.
තමන් හරි කියලා තමයි හිතන් ඉන්නේ ඒ් නිසාම වරදින අවස්ථත් එමටයි.
අන්න ඒ් නිසා අංක 1 හිමි ඔයාගේ මෙන්න මේ ගතිය ඉක්මනින්ම අයින් කරගන්න එක තමා හොඳ.
ඒ් වගේම අංක 1 හිමි ඔයා ටිකක් කලබලයි. ඒ් නිසාම සමහර ප්‍රශ්ණ ඔයා බලෙන්ම ඇති කර ගන්නවා.
කොහොම වුණත් රස්සාව කරන්න ගියාම ඔයා තමා කොහොමත් අංක 1 මොකද ඔයා රැකියා ස්ථානයේ ඉහලටම යනවා.
ආයතන ප්‍රධානියෙක්,දෙපාර්තමේන්තු ප්‍රධානයෙක් වගේ ඉහලම තැනකට.
ඒ් වගෙම ඔයා තමන්ගෙ කියලා ව්‍යාපාරයක් කරනවානම් ඒ්කෙනුත් ඉහලටම යනවා කිසිම බාධාවක් නැතිව
ආත්ම අංක 1 වුන ඔයා ඕනෑම මාසයක 1, 10, 19, හෝ 28 වැනි දිනවල ඒ් කියන්නේ ඔයාගේම ජෛව අංකයට සම්බන්ධ සෑම දිනකම ඔයාගේ ජීවිතයේ වැදගත්ම සැලසුම් සකස් කරන්න
ඒ් වගේම හිතේ තියෙනවායනවා නම් මොකක් හරි අදහසක් ඒ්ක ක්‍රියාත්මක කරන්න උත්සාහගත්තොත් ඒ්කෙන් හොද ප්‍රතිපල විඳින්න පුළුවන්.
නමුත් ජූලි,අගෝස්තු,මාර්තු සහ අප්‍රේල් කියන මාසවල 28 වෙනිදා නම් ඒ් සඳහා ජෛව අංකයට අනුව ඔයාට සුදුසු වෙන්නෙ නෑ.
ඒ් වගේම තමා ඔයාගේ ජෛව අංකයෙන් ඔයාට උරුම වන ලෙඩ රෝග ගැනත් යම් ඉඟියක් ලබා දෙනවා.
ඒ අනුව ඕනෑම මාසයක 1, 10, 19 සහ 28 යන දිනවල උපත ලැබූ හැම කෙනාටම හෘද ස්පන්දනයේ අක්‍රමවත් සංසරණය වගේ හෘදයෙන් පීඩා විඳින රෝග බොහොමයක් ඇතිවෙන්න තියෙන අවස්ථා වැඩියි කියලා තමා ජෛව අංක ශාස්තුයේ කියන්නේ.
ඒ වගේම ඇස් ආශ්‍රිතව විටින් විට රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්.
ඒ් නිසා වරින් වර ඔයාගේ පෙනීම පරීක්ෂා කරලා බලන්න පුළුවන්නම් හුඟක් වටිනවා.
තව කාරණයක් තියෙනවා කියන්න ඒ් තමා ජෛව අංකය ඔයාගේ ගතිගුණ,ලෙඩරෝග ගැන කියනවා වගේම ඔයාගේ ශරීර උෂ්ණත්වයට අනුව ගැලපෙන ආහාර වගේම බෙහෙත් ගැනත් පෙන්නලා දෙනවා.
ඒ් විදිහට අංක 1 හිමි ඔයාට ලංකරගන්න සුදුසුම වර්ග ටිකක් ගැන මේ කියන්නේ.
මුද්දරප්පලම් නැත්නම් වියළි මිදි
බාර්ලි (බාර්ලි පිටි සහ බාර්ලි වතුර)
කුංකුම,
කරාබුනැටි,
සාදික්කා,
දොඩම්,
ලෙමන්,
ඉඟුරු
මේවා ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් ඒ් වගේමයි හැකි තරම් මී පැණි අනුභව කිරීම ඔයාට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා මොකද ඔයාගේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය ටිකක් විතර වැඩි හින්දා.
ඒ් වගේම ඔයාගේ ජීවිත කාලයේ දී වයස අවුරුදු 19,20,37 දි වගේම 55 දි සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වෙනස්කම් වෙනවා කියලත් ජෛව අංක විද්‍යාවට අනුව කියවෙනවා.
ඔක්තෝබර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වලදි ඔයා අසනීප හා ශරීරයට අධික පීඩා ගෙනෙන වැඩ වලින් ඈත් වෙන්නම ඔින.
දැන් බලමු අංක දෙක හිමිවෙන්නේ මොන දවස්වල ඉපදුනු අයටද කියලා
2,11,20 සහ 29 කියන දවස්වල ඔයා ඉපදුනානම් ඔයාගේ ජෛව අංකය වෙන්නේ 02.
එහෙම කෙනෙක් කම් මෙන්න මේවා තමා ඔයාගේ ලක්ෂණ වෙන්නේ
ආත්ම අංක 2 පාලනය කරනු ලබන්නේ සඳු ග්‍රහයා
ආත්ම අංක 1 හි පාලක ග්‍රහයා සූර්යයා.
මේ හින්දා ආත්මීය ඉල්ලීම් අංක 1 සහ ආත්මීය ඉල්ලීම අංක 2 පුද්ගලයින්ගේ ලක්ෂණ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙනවා.
හැබැයි මෙම පුද්ගලයින් දෙදෙනා ඉතා එකඟතාවයකින් යුක්තව කටයුතු කරනවා කියලයි ජෛව අංක විද්‍යාවේ කියන්නේ.
අංක 2 හිමි උදවිය හුඟක් ලස්සනයි
හරිම ආදරණීයයි,
හරිම කලාත්මක ය.
ඒ් විතරක් නෙමෙයි
මේ අය ස්වභාවයෙන්ම ඉතා මුදු මොළොක් වෙනවා,
ඉතා ඉහල පරිකල්පනීය දැක්මක් තියෙන මේ අය ස්වභාවයෙන්ම ආදර හමුවේ ගොඩාක් හැඟීම්බර යි.
ජෛව අංක 1 පුද්ගලයින්ට සමානවම මේ අයත් , නව නිපැයුම් සහ නව්‍යකරණයෙන් යුක්ත කටයුතු සිදුකරනවා. හැබැයි අංක 1 පුද්ගලයින් මෙන් තමන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්න නම් ඔවුන් බලවත් නෑ.
මානසික මට්ටම ඉතාම ඉහල වෙනවා වගේම මේ අය ශාරීරිකවත් ගොඩක් ශක්තිමත්.
මේ අය තමන්ගේ වැදගත් සැලසුම් වගේම අදහස් ක්‍රියාත්මක කරන්න උත්සහ ගන්නවා නම්, වඩාත් සුබ ජුනි 20 සිට ජූලි 27 දක්වා කාලය තමයි.
වාසනාවන්ත දවස් වෙන්නේ ඉරිදා, සඳුදා හා සිකුරාදා.
මේ අයගේ තියෙන ලොකුම දුරුවලතා විදිහට ජෛව අංකය පෙන්නලා දෙන්නේ නොසන්සුන්කම,
කලබල වීම, ඒ් වගේම තමගේ සැලසුම් වල එකදිගට කටයුතු නොකිරිම වගේම ආත්ම විශ්වාසය නැතිකම.
මේ අය අධික ලෙස සංවේදී බවට නැඹුරු වෙන නිසාම,
ප්‍රීතිමත්, සතුටුදායක වටපිටාවක ජීවත්වෙන්නේ නැත්නම් කලකිරීමට හා මානසික අවපීඩනයට ඉක්මනින්ම ගොදුරු වෙනවා..
ආත්ම අංක 2 වෙන අයට, මෙන්න මේ කරදර වලින් නම් අඩුවක් වෙන්නෙ නෑ
ආමාශය හා ආහාර ජීර්ණ අවයව සම්බන්ධ රෝගී තත්ව.
බඩවැල් ඉදිමීම
වගේම ආමාශය ආශ්‍රිත පිළිකා වගේ දේවල් මෙහිදි මූලික වෙනවා.
මෙන්න මේ දේවල් මේ අයටආහාරයට ගොඩාක් සුදුසු කියලා තමායි ජෛව අංකයට අනුව කියවෙන්නේ
සලාද කොළ
ගෝවා,
පිපිඤ්ඤා,
කෙසෙල්, මේ අතර ප්‍රධානම වෙනවා.
ඒ් වගේම ඔයාගේ ජීවිත කාලේ මෙන්න මේ වයස් වලදී ඔයාගේ සෞඛ්‍ය මට්ටම ගැන ටිකක් වැඩිපුර හිතන්න දැනටමත් ඒ් වයස් පහුකරලා නම් මතක් කරලා බලන්න මේ වයස ඔයාට ගොඩාක් තීරණාත්මක වුනා නේද කියලා
ඒ් තමයි අවුරුදු 20, 25, 29, 43, 47, 52 වගේම අවුරුදු 65
ජනවාරි, පෙබරවාරි සහ ජූලි කියන මාස වල ඔයා වැඩකරන්න ඔින ගොඩාක් පරිස්සමෙන්.
********************
දැන් බලමු අංක 03 ජෛව අංකෙ වෙන ඔයා ගැන.
මේ ඔයාගේ ජෛව අංකය නොවෙන්න පුළුවන්
ඒ්ත් ඔයා මේක මගහරින්න එපා මොකද අපිට අපි ගැන වගේම ගෙදර,සමාජයේ විශේෂයෙන්ම ඔෆිස් එකේ අපිත් එක්ක ලඟම අයව හොඳට කියවගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.
අංක 03 අය මෙන්න මේ වගේ
ජෛව අංක 3 පාලනය කරනු ලබන්නේ බ්‍රහස්පති ග්‍රහයා විසින්.
මේ අය ඉතා අභිලාෂකාමී ය.
ඒ් වගේම කිසි විටෙක තව කෙනෙක් යටතේ වැඩ කටයුතු කරන්න කැමති නෑ.
මේ අය තනියෙන් නැගී සිටිමින් ලෝකයේ ප්‍රසිද්ධ පිරිසක් වෙන්න හරි කැමතියි.
ආදරය ප්‍රකාශකරද්දි වගේම පවත්වාගෙන යද්දි පිළිවෙල හා විනය අතිවිශිෂ්ඨ වෙනවා.
මේ අය බොහෝ විට ඕනෑම ව්‍යාපාරයක, වෘත්තියක හෝ ක්ෂේත්‍රයක ඉහළම තනතුරුවලට පත්වෙනවා.
ඒ් විතරක් නෙමෙයි හමුදාව වගේ ආරක්ෂක අංශවල ඉහල නිලතල දරනවා.
හැබැයි මේ අයගේ තියෙන ලොකුම දුර්වල කම තමයි, ඒකාධිපති ස්වරූපය.
මේ හේතුව නිසා රණ්ඩු සරුවල් නොවූවත් බොහෝ සතුරන් ඇති කරගන්නත් මේ අය සමත්
ඕනෑම මාසයක 3, 12, 21 සහ 30 වගේ දවස්වල ඔවුන්ගේ සැලසුම් සහ අරමුණු ක්‍රියාත්මක කරන්න හොඳම කාලය කියලා තමයි කියවෙන්නේ.
විශේෂයෙන්ම මාර්තු 20 සිට 27 දක්වා සහ දෙසැම්බර් 20 සිට 27 දක්වා මේ අයට සුබයි.
බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ අඟහරුවාදා තමයි අංක 3 හිමි ඔබට සුබ දවස් වෙන්නේ.
වාසනාවන්ත පාට වෙන්නේ තද වයලට් හෝ දම් පාට හෝ ඒ්වායේ මිශ්‍ර වර්ණ.
ඒ් වගේම මෙන්ම මේ ආහාර වර්ග ඔයාට වඩාත් ගැලපෙන ඒ්වා වෙනවා.
බීට්,
ස්ට්රෝබෙරි,
ඇපල්,
ඔලිව්,
රුබාබ්,
දෙළුම්,
අන්නාසි,
මිදි,
මින්ට්,
කුංකුම,
සාදික්කා,
කරාබුනැටි,
ආමන්ඩ්,
අත්තික්කා,
තිරිඟු.
වඩාත් ආරක්ෂා විය යුතු මාස වන්නේ දෙසැම්බර්, පෙබරවාරි, ජුනි සහ සැප්තැම්බර් ය.
සෞඛ්‍යය වෙනස්වීම් සිදුවන වයස් විදිහට අවුරුදු 12, 21, 29, 48 සහ 57 ජෛව අංක විද්‍යාව පෙන්වාදෙනවා.
***********************
4,13,22 සහ 31 කියන දවස් වල ඉපදුනු අයගේ ජෛව අංකය වෙන්නේ 04
ආත්ම අංක 4 හිමි අය මෙන්න මේ විදියයි.
ඔවුන් සෑම දෙයක්ම ප්‍රතිවිරුද්ධ කෝණයක ඉදන් බලන්නේ.
තර්කයකදී, සැමවිටම ප්‍රතිවිරුද්ධ පැත්ත ගන්නේ.
මේ අය උපතින්ම නීති රීති වලට විරුද්ධව කැරලි ගසන විදිහෙ මනසක් තියෙන අය,
ගෙදරීත් පොදු සමාජයේදීත් ඔවුන් තමන්ට ගැලපෙන විදිහට නව නීති රීති සකස් කරගන්න උත්සහ කරනවා.
මේ අයට වැඩිය මිතුරන් නම් නෑ.
ධනය එක්රැස් කිරීම නැත්නම් සල්ලි හම්බ කරන්න ඔවුන් ඒ් තරම් උනන්දුවක් දක්වන්නේ නෑ.
ඕනෑම මාසයක 4, 13, 22 සහ 31 වගේ දවස් මේ අයගේ සැලසුම් සහ අදහස් ක්‍රියාත්මක කිරීමට සුදුසු වෙනවා
සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා තමයි මේ අංක හිමියන්ට සුබ සතියේ දවස් වෙන්නේ.
මේ අයගේ ප්‍රධාන අඩුපාඩු වන්නේ ඔවුන් ඉතා දැඩි අය වීම කිසිම විදිහකට නම්‍යශීලී නෑ.
මේ අයට වඩාත් සුදුසු ශාක සහ පැලෑටි වෙන්නේ
නිවිති, කඩල,වට්ටක්කා,වැටකොළු වගේ ඒ්වා.
මේ උදවිය ආරක්ෂා විය යුතු මාස වන්නේ ජනවාරි, පෙබරවාරි, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් ය.
ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය අනුව තීරණාත්මක වයස් වන්නේ අවුරුදු 13, 22, 31, 40, 49 සහ 58 ය.
***********************
ආත්මය අංක 5 හෝ ආත්ම අංක 5
ඕනෑම මාසයක 5, 14 සහ 23 යන දිනවල උපත ලැබූ අය ජෛව අංක 5 කාණ්ඩයට ගැනෙනවා.
මේ අය ගෙඩාක් මිත්‍රශීලීයි.
පහසුවෙන් මිතුරන් ඇති කර ගන්නවා
මානසිකව ඉතා උද්යෝගිමත් මේ පිරිස ඉක්මනින් සිතුවිලි හා තීරණ ගන්නා අතර ඔවුන්ගේ ක්‍රියාවන් ද ආවේගශීලී වෙනවා.
නව නිපැයුම් හා නව අදහස් මගින් මුදල් ඉපයීමේ දැඩි හැඟීමක් මෙම අංක ලාභීන් සතුවනවා.
සාමාන්‍යයෙන් මේ අය භාර ගන්නා සෑම කටයුත්තකදීම අවදානම් දැරීමට සූදානම්.
මේ අයට වාසනාවන්ත දිනවන්නේ බදාදා සහ සිකුරාදා ය,
මේ අයගේ ලොකුම අඩුපාඩුව වන්නේ ඉක්මන් කෝපයට පත්වීමයි.
අළු, සුදු සහ දිදුලන වර්ණයන් මේ අයගේ ජය වර්ණයන් වෙනවා
කැරට්,
බිම්මල්
දුරු
කව්පි වගේ දේවල් මේ අයට වඩාත් යෝග්‍ය වෙනවා.
වඩාත් ආරක්ෂා විය යුතු මාස විදිහට හදුන්වන්න පුළුවන් ජුනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් ය.
සෞඛ්‍යයේ වෙනස්කම් සිදුවන වයස් විදිහට අවුරුදු 14, 23, 41, සහ 50 ජෛව අංක විද්‍යාවෙන් කියවෙනවා.
ඕනෑම මාසයක 6, 15, හෝ 24 යන දිනවල උපත ලබන අයගෙ ආත්මීය අංක වෙන්නේ අංක 6
මේ අය අනිත් අයව ඔවුන් වෙත ආකර්ෂණය කර ගන්න ගොඩාක් දක්ෂයි වගේම, ඒ් අයගෙන් ගරු බුහුමන් ලබන්නත් හිමිකම් ලබනවා.
අනාගත සැලසුම් ක්‍රියාත්මක කරද්දී මේ අය ඉතා අධිෂ්ඨානයෙන් වැඩකරනවා,
මේ අය ඉතා සුන්දර දේවලට ඇලුම් කරන අය වෙනවා.
චිත්‍ර, සිතුවම්, කැටයම් සහ සංගීතය වැනි දේවල් මෙ අයගේ ජීවිත වල කොටස් වෙනවා.
මිතුරන් සමග විනෝද වෙන්න වගේම ඒ අය එක්ක සතුටු වෙන්න මේ පිරිස් ඉතා කැමතියි
ගැටුම් ඇතිකර ගැනීම සහ ඊර්ෂ්‍යාව වගේ ගතිලක්ෂණ මේ අයගේ තියෙන දුර්වලතා වෙනවා.
සතියේ දවස් අතරින් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා මේ අයට සුබයි.
මැයි 20 - 27 දක්වා හෝ ඔක්තෝබර් 20 සිට 27 දක්වා සුබ කටයුතු වලට යොමුවන්න මේ අයට ගැලපෙනවා.
ඔවුන්ගේ වාසනාවන්ත වර්ණය ලෙස නිල් පාට විදිහට හදුන්වන්න පුළුවන්.
නමුත් කළු හෝ තද දම් පාට තියෙන ඇඳුම් අදින එක නම් ඒ් තරම් හොඳ නෑ.
මේ පිරිස් උගුර, නාසය සහ පෙණහලුවල ඉහළ කොටසේ රෝගී තත්වයන්ගෙන් පීඩා විඳීමට තියෙන අවස්ථාව වැඩියි
සියලු වර්ගවල බෝංචි,
නිවිති,
මින්ට්,
කොමඩු,
දෙළුම්,
ඇපල්,
අත්තික්කා, වගේ ආහාර සහ ශාක මේ අයගෙ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වන්න හේතුවෙනවා.
වඩාත්ම ආරක්ෂා විය යුතු මාස විදිහට මැයි, ඔක්තෝබර් සහ නොවැම්බර් ජෛව අංක පෙන්වා දෙනවා.
වයස අවුරුදු 15, 24, 42, 51 සහ 60 සෞඛ්‍ය අවශ්‍යතා සඳහා වැදගත් වයස් විදිහට මතක තියාගන්න.
දැන් කියන්න යන්නේ අංක 07 හිමි අය සහ ඒ් අයගේ විස්තර ගැන,
බලන්න මෙහෙම කෙනෙක් ඔයාගේ හිතවන් අතර ඉන්නවද කියලා.
ඕනෑම මාසයක 7, 16, හෝ 25 යන දිනවල උපත ලබපු අය ආත්මීය ඉල්ලීම් අංක 7 වනවා.
මේ අයගේ වැදගත් ගති ලක්ෂණ මෙන්ම මේවා
පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න මේ අය නිතරම කටයුතු කරනවා.
ඒ් වගේම තමන්ගේ ආශාවන් තෘප්තිමත් කර ගැනීමට ඔවුන්ට පුදුම හැකියාවක් තිබෙනවා.
විදේශ රටවලට ගිහින් කටයුතු කරන්න වගේම සංචාර කරන්න මේ අය ගොඩාක් කැමතියි.
මේ අංක හිමි අය බොහෝ විට ඉතා හොඳ ලේඛකයින්, චිත්‍ර ශිල්පීන් හෝ කවියන් වනවා.
ඒ් වගේම හම්බකරන දෙයින් පිංකම් කරන්න වගේම පරිත්‍යාග කරන්නත් මේ අය කැමතියි.
මෙම අංක හිමියන් බොහෝ විට වෙළෙන්දන්, අපනයන හේ ආනයන කරුවන් වගේම නාවික කපිතාන්වරුන් වීමට කැමැත්තක් දක්වනවා.
ඔවුන්ගේ සැලසුම් සහ අරමුණු ක්‍රියාත්මක කරන්න ජූලි 20 සිට 27 දක්වා කාලය වගේම අගෝස්තු මාසයේ අවසානය සතිය සුබ වෙනවා
කොළ, සුදු සහ කහ යන පාට මේ අයට සුබ වර්ණ වෙනවා
ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග වලින් පරිස්සම් වෙන්න ඔ්න කියලා ජෛව අංකයට අනුව පෙන්නලා දෙනවා.
ගෝවා,
පිපිඤ්ඤා,
හතු,
ඇපල්,
මිදි,
පළතුරු යුෂ මෙම අංක හිමි ඔයාට පාවිච්චියට ඉතාම සුදුසු වෙනවා.
ඒ් වගේම වඩාත් පරිස්සම් වෙන්න ඔින මාස වෙන්නේ ජනවාරි, පෙබරවාරි, ජූලි සහ අගෝස්තු
දැන් ඉතිං අංක 7ක හමාරයි තව ඉතිරි අංක 2 යි බලමු අංක 08 හිමි අයට කොහොමද කියලා.
ඕනෑම මාසයක 8, I7, හෝ 26 යන දිනවල උපත ලැබූ සියලු දෙනාගෙම ආත්මීය වෙන්නේ අංක 8
මේ අයගේ ගති ලක්ෂණ මෙන්න මේ විදිහට තමයි විස්තර වෙන්න
මේ අය තමන්ගේ ජීවිතගැන බොහෝ වෙලාවට වරදවා වටහාගෙන ඉන්නවා මේ හින්දම ලොකු තනිකමක් මේ අයට දැනෙනවා.
කොහොම වුනත් මේ අය ජීවින වේදිකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
ආගමට ගොඩාක් ලැදි මේ අය ඔිනම තර්කයක් ගැටළුක් හමුවේ සාවධානව ඉන්නවා කිසිම කලබලයක් නැතිව.
උසස් තනතුරුවලට ඒ්තරම් කැමැත්තක් නොදක්වන මේ පිරිස සාමන්‍ය ජීවිතයක් ගත කරන්න තමයි ආස.
කොතරම් මුදල් සහ තනතුරු අතින් බල සම්පන්න වුණත් සමාජයේ බොහොම සාමකාමී ජීවිත තමා මේ අය ගතකරන්නේ.
මේ අයට සුබ වර්ණ සියල්ලම තද අළු, කළු, තද නිල් සහ දම් පාට වෙනවා.
සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා කියන දවස් තමා මේ අයට හොඳ.
ජනවාරි 20 සිට 27 දක්වා වගේම පෙබරවාරි 9 සිට 26 දක්වා මේ අයට සුබ වැඩ වලට හොඳ කාලය වෙනවා.
මේ අයට අක්මාව, බඩවැල් ආශ්‍රිත ලෙඩ රෝග වැළදෙන්න තියෙන අවස්ථාව වැඩියි කියලයි ජෛව අංක ශාස්ත්‍රයේ කියන්නේ.
හිසරදය, රුධිරයේ රෝග, විෂ වීම් වගේ රෝගවලිනුත් පීඩා විඳින්නත් මේ අයට සිද්ධ වෙනවා.
මෙන්න මේ ආහාර හා පැළෑටි මෙයාලට සුදුස වෙනවා.
නිවිති,
කැරට්,
මාෂ්මෙලෝ,
කෙසෙල්,
ආත්මය අංක 8 සහිත අයට සංවේදී මාස වෙන්නේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි සහ ජූලි
සෞඛ්‍යයේ වෙනස්කම් සිදුවන වයස් වන්නේ පිළිවෙලින් අවුරුදු 17, 26, 35, 44, 53, සහ 62
ලොකු විස්තරයකට පස්සේ මේ කියන්න යන්නේ ජෛව අංකය 9 වන ඔයාග් විස්තරය
***********************
ඕනෑම මාසයක 9, 18 සහ 27 යන දිනවල ඉපදුනු සියලු දෙනාටම ආත්මීය අංක වෙන්නේ 9
ජීවිතයේ මුල්කාලයේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන මේ අය චිත්ත ශක්තියෙන්,අධිශ්ඨානයෙන් වැඩකරන්න ගොඩාක් දක්ෂයි.
ඒ් වගේම ඉක්මනින් කෝපවන මේ අය ආවේගශීලී වෙනවා.
ගින්නෙන් හා පිපිරීම් වලින් සිදුවන අනතුරු වලට ගොදුරු වන්න මෙයාලට තියෙන අවස්ථාව වැඩියි කියලා ජෛව අංක විද්‍යාවේ පෙන්නලා දෙනවා.
ඒ් වගේම මේ අයගේ පවුල් ජීවිතවල ආරවුල් වලත් අඩුවක් නෑ.
මේ නිසා ජෛව අංකය 09 වන දෙන්නෙකු විවාහ වෙන එක ඒ් තරම් සුදුස නෑ.
විශේෂයෙන්ම තම බලයෙන් අනෙකා පාගා දමන්න මේ අය උත්සහ කරනවා.
ඒ් වගේම මෙයාලාය තියෙන විශේෂ හැකියාවක් තමයි වචනයෙන් මිනිස්සු නම්මගන්න පුළුවන් වීම.
මෙයාල හරිම දක්ෂ විදිහට හිතට දැනෙන්න කතා කරන්න උපතින්ම සමත්.
තද රතු හෝ රෝස පාට මේ අයට ගොඩක් සුබ වර්ණ වෙනවා.
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින 07 න් මෙයාලටම වෙන්වුන දිනයන් වෙනවා, අප්‍රේල් 19 සිට 26 දක්වා ත් නොවැම්බර් 20 සිට 27 දක්වා ජෛව අංක 9 හිමි අයට වඩාත්ම සුබ කාලයන් විසිහට තමයි සඳහන් වෙන්නේ.
ළූණු,
සුදුළුනු,
ලීක්ස්,
රාබු,
ඉඟුරු,
ගම්මිරිස්,
වගේ දේවල් මේ අයටම සුදුසු ආහාර වෙනවා.
අසනීප වලින් වැඩිපුරම ආරක්ෂා විය යුතු වන්නේ අප්‍රේල්, මැයි, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල.
වයස අවුරුදු 9, 18, 27, 36 ,45 සහ 63 යන වසර වලදී සෞඛ්‍යමය කාරනාවලදි ඔයා වැඩිපුරම පරිස්සම් වෙන්න ඔ්න.
මෙන්න මේ විදිහට තමා අංක විද්‍යාවට අනුව ජෛව අංකයෙන් ඔයගේ ජීවිතේ විග්‍රහ වෙන්නේ.
මේ ක්‍රමය ඉතා සාර්ථකව පාවිච්චි කරන ගොඩාක් රටවල අය කියන්නේ මේ ක්‍රමය නිසා ජීවත්වීම වගේම මිනිස්සු ගැන අවබෝධ කර ගන්න හරිම පහසුයි කියලා.
බලන්න ඉලක්කම් වලටත් අපි ගැන කියන්න පුළුවන් දේවල්.
ජීවිතයට ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක යාළුවන් අතර ශෙයා කරන්නත් අමතක කරන්න එපා.
ආයෙම දවසක මේ වගේ තවත් වැදගත් විස්තරයකින් මුණගැහෙමු.