Logo
Logo

ජීවිතේ ගැන හරියටම තීන්දු කරන ඔරලෝසුව

  මිනිස්සු විදිහට අපි නිතරම ආරක්ෂාකරගන්න වගේම  රැක ගන්න උත්සහකරන පුරුද්දක් තමයි වෙලාවට වැඩකරන එක. ඒ් තරමටම වෙලාව කියන දේ අපේ ජීවිතේ එක්ක බද්...

 


මිනිස්සු විදිහට අපි නිතරම ආරක්ෂාකරගන්න වගේම  රැක ගන්න උත්සහකරන පුරුද්දක් තමයි වෙලාවට වැඩකරන එක.


ඒ් තරමටම වෙලාව කියන දේ අපේ ජීවිතේ එක්ක බද්ධ වෙලා තියෙන්නේ.


ඉස්සර ඉඳන්ම වෙලාවත් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නම් ගොඩාක් සම්බන්ධ වෙලා තියෙනවා.


දවස පටන් ගන්න අවදිවෙන්න,හමාර කරන්න නිදාගන්න විතරක් නෙමෙයි සුබ කටයුත්තකට මුල පුරන්නත් අපි වෙලාව ගලපගත්තා.


හොඳම උදාහරනය තමා සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර


.ඉරත් එක්ක කරන මේ අපූරු ගණුදෙනුව ජාතියක් විදිහට එකම වෙලාවට කරන්න අපි නිතරම උත්සහ කරනවා.


වෙලාව මනින්න ඉස්සරනම් එක එක ක්‍රම යොදා ගත්තට


අද වෙද්දි නම් ලෝකෙටම පොදු ක්‍රමයක් එක්ක වෙලාව මැනගන්න අපි කවුරුලඟත් ඔරලෝසු තියෙනවා.


විවිධ මාදිලියෙන් විවිධ හැඩයෙන් විවිධ මිල ගනන් වලට මේ ඔරලෝසු දකින්න පුළුවන්.


අද නම් පරක්කුයි..


අද නම් මම වේලාසන


මේ මනුස්සයට වෙලාවට වැඩ කරන්න බැනේ..


මේ විදිහට ඔරලෝසුව නිසාම අපේ කතා බහට එකතුවුන වචනවලත් අඩුවක් නෑ.


 


අතේ තියෙන ඔරලෝසුවට අනුව වෙලාවට වැඩ කරන්න මේ හින්දම කවුරුත් උත්සහ කරනවා.


හැබැයි මිනිස්සු විදිහට අපි සැලකිලිමත් විය යුතුම


ඒ්ත් වැඩිය අහල දැකලා නැති ඒ් නිසාම හරියට පාවිච්චි නොකරන ඔරලෝසුවක් ගැනයි මේ කියන්න යන්නේ.


 


ඒ් ගැන දැනගනන් කලින් ඔිනම වෙලාවක මේ වගේ වැදගත් දේවල් දැන කියා ගන්න මග පෙන්වන අපේ නාලිකාව තවමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම්  මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත්.


පරක්කු නොවී අළුත් දෙයක් දැම්ම ගමන් දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.


එහෙනම් වැඩි වෙලා නොගෙන අපි බලමු මොකක්ද මේ අළුත් ඔරලෝසුව කියලා.


මේ ඔරලෝසුවේ නම තමයි ජීව ඔරලෝසුව.


මොකක්ද මේ ජීව ඔරලෝසුව කියලා දැන් අපි බලමු.


කලින් කිව්ව විදිහට හැම දෙයක්ම වෙලාවට කලාවට කරන්න අපි උත්සහ ගන්නවා නේ


ඒ් වගේ තමා මේ මුළු ලෝකෙම හැමදේම වෙන්නේ වෙලාවට කලාවට යම් රිද්මයක් එක්ක .


මේ රිද්මය බිඳ වැටුනොත් අවුල් ගොඩාක් ඇති වෙනවා.


අන්න ඒ්වගේ අපේ ශරීරයේත් සිදුවෙන හැම ක්‍රියාවක්ම පාලනය කරන ජීව ඔරලෝසුවක් අපි කාගෙත් ඇඟ ඇතුලෙ තියෙනවා.


දැන් බලයි කොහෙද මේ ජීව ඔරලෝසුව තියෙන්නේ කියලා


අවයවයක් විදිහට නොතිබුණත් මේ ජීව ඔරලෝසුව අපේ ජීවිතයේ රිද්මය හරි අපූරුවට පාලනය කරනවා ඒ් නිසා මේ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න අමතක කරන්න එපා.


 


 


මුලින්ම ජීවී දේහ තුළ ක්‍රියාත්මක වන ජෛව ඔරලෝසුව පිළිබදව සොයාගන්නේ  18 වැනි සියවසේ ජීවත් වූ Jean Jacques කියන තාරකා විද්‍යාඥයා


 ඒ් නිදිකුම්බා ශාකය යොදාගෙන සිදු කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ විදිහට.


ඊට පස්සේ සිදු කළ පර්යේෂණ වලින් අනාවරණය වූනා නිදිකුම්බා ශාකයේ විතරක් නෙමෙයි මිනිසා ඇතුළු අනෙකුත් ජීවී දේහ තුළත් අභ්‍යන්තර ජෛව ඔරලෝසුවක්‌ පවතිනවා කියලා.


 


නමුත් අපේ ඇඟ ඇතුලේ මේ ජෛව ඔරලෝසුව හරියටම වැඩකරන විදිහගැන ‌ජෙෆ්රි සී. හෝල් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායම සොයාගන්න කල් කවුරුත් දැනන් හිටියේ නෑ.


 


අතේ බඳින ඔරලෝසුවේ වෙලාව බලන්න වගේම අනිත් ඔරලෝසුවල වෙලාව බලන්න කියවන්න අපි දැනගෙන හිටියට අපේ ඇඟ ඇතුලෙ තියෙන ජෛව ඔරලෝසුවෙ වෙලාව කියවන්න නම් අපි කවුරුත් දන්නේ නම් නෑ


 


ඔන්න දැන් කියන්න යන්නේ හරියටම දැනගන්නම ඔින අපේ ජෛව ඔරලෝසුවේ වෙලාවල් ගැන.


මේ වෙලාවල් හරියටම දැනගත්තොත් ඔයාට අපූරු අත්දැකීම් ජීවිත කාලෙම විඳින්න පුළුවන් වෙනවා.


 


24 පැය තුල  ජෛව ඔරලෝසුවේ ක්‍රියාකාරකම් මෙන්න මේ විදිහට  තමයි සිද්ධ වෙන්නේ


 

උදේ 4:30 ඉදන් උදේ  5:00  අතර වෙලාවට තමයි ජෛව ඔරලෝසුවට අනුව අපේ ශරීරයේ අඩුම උෂ්ණත්වයක් තියෙන්නේ.ඒ් කියන්නේ අපේ ඇඟ ඒ් වෙලාවට ගොඩාක් සීතලයි කියන එක.

කොයිතරම් රස්නෙ කාලයක උනත් මේ වෙලාව වෙද්දී අපිට රස්නෙ මග හැරගන්න ඔින කරන ෆෑන්,ඒ් සී වගේ දේවල් ඔින වෙන්නේ නෑ. ඒ්තරමටම ඇඟ ඒ් වෙලාවට සිසිල් 

අන්න ඒ්කයි රෑට දාගෙන ඉන්න ෆෑන් ඒ්සී නිදිමතේම ඉදන් පාන්දරට අපි ඔිෆ් කරන්නේ. එහෙම නොවුනහම තමා සෙම,පීනස වගේ විවිධ අසනීප තත්වයන් අපිට වැලදෙන්නේ.

 

 

උදේ 6:00 වන විට කෝටිසෝල් හෝමෝනය වැඩීිම  වර්ධනය වෙන්න පටන් ගන්නවා. 

කෝටිසෝල් හෝමෝනය තමයි අපේ දවසේ වැඩකටයුතු එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ.

මෙන්න මේ වෙලාව බොහොම රිලැක්ස් නැතිනම් සැහැල්ලු වෙලාවක් 

මේ කාලය  අපිට පුළුවන් යෝගා කරන්න ,භාවනා කරන්න වගේ ඒවාට යොදා ගන්න.

අන්න ඊට පස්සේ තමා ජෝගිං කරනවා වගේ  වැනි දැඩි ව්‍යායාම කරන්න අපි යොමුවෙන්න ඔින.

 

 

උදේ 6.45 ත් උදේ 7 ත් අතර වෙලාව තමා අපේ ඇඟේ  රුධිර පීඩනය වැඩිම වෙලාව.

දවසේ අනිත් ඕනෑම වේලාවකට වඩා  මේ කාලයේ දී රුධිර පීඩනය නැත්නම් බ්ලඩ් ෆෙෂර් එක වැඩියි.

මේ හින්දා අධි රුධිර පීඩනයෙන් පෙලෙන අය මේ වෙලාවට රුධිර පීඩනය වැඩි වෙන වැඩ නොකර ඉන්න එක තමයි නුවණට හුරු.

 

 

 උදේ 7.30 වගේ වෙද්දී අපේ නින්ද සහ ඒ් ආශ්‍රිත චක්‍රය පාලනය කරන මෙලාටොනීන් හෝමෝනය ස්‍රාවය වෙන එක නවතිනවා.

ඒ් කියන්නේ අපට නිදිමත නැති කරනවා. මේ හෝමෝනය ස්‍රවය වෙන්න පටන්ගන්නේ රෑ 9 ට විතර.

 

උදේ. 8.00 කියන්නේ ජෛව ඔරලෝසුවට අනුව බඩවැල් චලනය සඳහා හොඳම කාලය 

 මේ වෙලාව වෙද්දී දවසේ අනිත් වෙලාවල් වල‌ට වඩා බඩවැල් චලනය ඉහළ අගයක් ගන්නවා

 

 

උදේ 9:00 වෙද්දී ජෛව ඔරලෝසුවේ නියමයට අනුව අපේ ශරීරයෙන් ස්‍රාවය වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ප්‍රමාණය ඉහළ මට්ටමක් ගන්නවා.

 මේ හින්දම ඒ් වෙලාවට ශරීරයට අධික ව්‍යායාම , දිවීම,පැනීම,පිහිනීම වගේ දේවල් පහසුවෙන්  කරන්න පුළුවන්.

 

උදේ 10.00 වෙද්දී අපේ ඇඟ බොහෝම සුපරික්ෂාකාරී, සාවධන,තත්වයකට පත්වෙනවා.මෙන්න මේ නිසයි ලෝකේ රටවල් බොහොමයක් උදේ 10.00 ට  ඔෆිස් වැඩ ආරම්භ කරන්නේ.

 

මේ විදිහට හවස දෙකහ මාර විතර වෙනකල් සුපරික්ෂවෙන් සිටින අපේ ශරීරය 2.30 න් පස්සේ  වේගවත් ප්‍රතික්‍රියා දක්වන්න අවතීර්ණ වෙනවා.

මේ වගේ වෙලාවට පොඩි දේටත් අපට කේන්ති යනවා විතරක් නෙමෙයි ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන්නත් පුළුවන් වෙනවා.

 

හවස 5 විතර වෙනකොට ශරීරයේ අවයව නිසි සම්බන්ධීකරණයකට ලක්කරන්න ජෛව ඔරලෝසුව වෙලාව වෙන්කරනවා.

හවස් වරුවට ව්‍යායාම කරන්න හොඳම වෙලාව වෙන්නෙ මෙන්න මේ වෙලාව තමයි.

 

 

මේ වෙද්දි ශරීරය මාංශ පේශි සෑදීමට සහ ව්‍යායාම කරන්නට ඉබේම යොමුවෙනවා.

ඔයාගේ බර අඩු කර ගන්න හරි හෝ මාංශ පේශි හදාගන්න හරි  අවශ්‍ය නම් මේක තමා ඒ්කට හොඳම වෙලාව.

අන්න ඒ් නිසයි කට්ටිය මේ වෙලාවට වෝකින් ට්‍රැක් ලඟ වගේම ජිම් ඇතුලෙ වැඩිපුරම අපිට දකින්න පුළුවන් වෙන්නේ.

බලන්න අපේ ශරීරය කියන්නේ කොයිතරම් සැලැස්මක් සහිත තැනක්ද කියලා.

ඒ්ත් ඒ්ක අයිති අපි සැලැස්මක් නැතිව වැඩ කරන කොට අපිටත් නොදැනීම ශරීරය අපිව ලෙඩ කරනවා.

ඒ් අපේම වැරදි නිසාමයි.

ආයෙම හවස හයහමාර වෙද්දි අපේ ශරීරයේ රුධිර පීඩනය ගොඩාක් ඉහළ යනවා,මේ වෙලාවටත් රුධිර පීඩනය වැඩි කරන ක්‍රියාකාරනම් කරන්න නම් කොහෙත්ම හොඳ නෑ

ඒ් හින්දා ව්‍යායාම කරනවා නම්  මේ වෙද්දී ඒ් සියල්ල හමාර කරල ඉන්න එක තමා නුවණට හුරු.

 

රෑ.7.00 වෙද්දි අපේ ඇගේ උෂ්ණත්වය  ආයෙම ඉහළ මට්ටමකට එනවා

අන්න ඒ් නිසයි ෆෑන් එකක් යට හිටියත් අපට ගොඩාක් දාඩිය දාන්නේ. මේ වෙලාවට බොහොම සැහැල්ලු විදිහට ඉන්න පුළුවන්නම් ඒක ගොඩාක් වටිනවා.

රෑ9:00 වෙද්දි අර උදේ වරුවෙ නතර වුණ මෙලාටොනින් හෝමෝනය ස්‍රාව වෙන්න ආයෙම පටන් ගන්නවා.

මේ වෙද්දී අපේ ඇඟ නින්ද‌ට සූදානම් වෙනවා.

අන්න එතකොට තමා ඈනුම් යන්න ඇස් රතුවෙන්න පටන් ගන්නේ.

වෛද්‍ය විද්‍යාවට අනුවත් නින්දට යාමට හොඳම කාලය මෙන්න මේ කාලය.

මෙහෙම නින්ද ආරම්භකරන අපේ ශරීරය පාන්දර 2 විතර වෙද්දී තද නින්දකට යොමුවෙනවා.

අනිත් වෙලාවට පොඩි සද්දයකටත් ඇහැරුණ අපි මේ වෙලාවට ගැඔුරුම නින්දක පසුවෙනවා.ඒ්නිසා සද්ද බද්ද වලට නම් ඇහැරෙනවා අඩුයි

 

 

ජෛව ඔරලෝසුවේ ව්‍ග්‍රහයට අනුව මේ වෙලාව පුද්ගලයෙකුට අවදිවෙන්න හොඳ නැතිම වෙලාවක් මොකද අපේ ඇඟට ගැඔුරු නින්ද අත්‍යාවශ්‍ය වෙනවා.

රෑ වැඩමුරය කරලා ඔයාට අත්දැකීමක් තියෙනවනම් හොදට මතක් කරලා බලන්න මේ වෙලවට නවත්ත ගන්නම බැරි නිදිමතක් එනවා නේද කියලා.

‌තේ,කෝපි මේ මොන දේ බිව්වත් අපට ඒ් නිදිමත නැති කරන්න නම් ගොඩාක් අමාරුයි.

‌‌නින්දයාම නිසා වෙන වාහන අනතුරු ගොඩාක් වෙලා තියෙන්නෙත් මෙන්න මේ වෙලාවට කියලා ඒ් ගැන අධ්‍යනය කරපු අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් හොයාගෙන තියෙනවා.

 

ස්වාභාවික රිද්මයට අනුව, ශරීරයකට දිනකට දෙවරක් නිදා ගැනීම අවශ්ය වෙනවා.

එකක් රාත්‍රී කාලයේ සහ අනිත් එක  දහවල් කාලයේදී. 

දහවල්ට නම් දහවල් 1 ට විතර අපට කෙටි නින්දක් ඔින කරනවා ඒ්ක ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් . 

මේ හින්දම සමහර රටවල සේවකයින්ට මේ කෙටි නින්ද ලබා ගන්න නිශ්චිත කාලයක් ලබා දීලා තියෙනවා.

දන්නවද  කෙටි නින්ද ශරීරයට නැවුම් බවක් ලබා දෙනවා.

කොහොම වුනත් 

අවුරුදු 10 ට අඩු වයස් කාණ්ඩයේදී  දිනකට දෙවරක් නිදාගැනීම ශරීර ඔරලෝසුව මඟින් නිර්දේශ කරනවා. 

වයස අවුරුදු 20 න් පසු නැවත නිදාගැනීමේ රටාව වෙනස් වන අතර මිනිසුන් වේලාසනින් අවදි වීමට පටන් ගනන්වා. 

වයස අවුරුදු 55 න් පසු නැවත නිදාගැනීමේ රටාව වෙනස් වන අතර ඔබට වයස අවුරුදු 10 දී ඇති ආකාරයටම වෙනස් වෙනවා.

 

මෙන්න මේක තමා  පරිපූර්ණ ශරීර ඔරලෝසුව

කිසියම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය අනුව මෙම ශරීර ඔරලෝසුවේ යම් වෙනස්කම් තිබෙන්න පුළුවන්

නමුත් හැම විටම ඔයාගේ අවශ්‍යතා මේ ඔබේ ශරීර ඔරලෝසුවට අනුව හදාගත්තොත් නිරෝගි ජීවිතයක් ගතකරන්න පුළුවන්.

 එහෙම නැතිවුනොත් දරුණු ශරීර ගැටලු ඇති වෙලා විවිධ ආබාධවලින් ජීවිත කාලෙම පීඩා විඳින්න සිද්ධ වෙනවා.

 


විනය ගරුක කම කියන්නේ බොහොම උසස් මිනිස් ගතිගුණයක් නේ.


ඉතිං ජෛව ඔරලෝසුවට අනුව ඔයා විනයගරුක උනොත් ඔයාට සුවපහසු ජීවිතයක් අනිවාර්යයෙන්ම හිමිවනවා.


සාමාන්‍ය ජීවිතයේදීත් අපි වෙලාවට වැඩ නොකලොත් අපිට අනිත් අයගෙන් ‌චෝදනා අපහාස අහන්න වෙනවා.


ඒ්වා අහන්න අපි අකමැති නිසාම නිතරම වෙලාවට වැඩ කරන්න උත්සහ කරනවා.


ජෛව ඔරලෝසුව පරිහරනයත් ඒ් වගේ ම තමයි


අපි වෙලාවට හරියට පරිහරනය නොකලොත්


හිමිවෙන දඩුවම් නම් ඒ් තරම් මිහිරි නෑ.


එහෙනම් ඒ් ගැනත් දැන ගන්නකෝ.


ජෛව ඔරලෝසුවේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව අපි, අපේ ජිවිත පවත්වාගෙන ගියොත් විවිධ රෝග ඇතිවෙනවා.


සමහර ඒ්වා මාරාන්තික රෝග වෙනවා.


දියවැඩියාව,


අක්මා ගැටළු,


නිදිමත,


හෘදයාබාධය,


අජීර්ණය,


පිළිකා,


ආතතිය, කාංසාව යනාදිය. වගේම විවිධ මානසික රෝගත් මේ අතර වෙනවා.


 


මේ සියල්ල ජෛව ඔරලෝසුවේ බාධා කිරීම්වල ප්‍රතිපල වෙනවා.


 ජෛව ඔරලෝසුව අසීමිත වෙනවා වගේම ඔයා ජීවත්ව සිටින තෙක් නොකඩවා ක්‍රියා කරනවා.


ඒ් වගේම මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාගෙ ශරීරයට අවශ්‍ය පරිදි අනතුරු ඇඟවීමක් කරන්නත් මේ  ශරීර ඔරලෝසුවට  පුළුවන්.


දැන් බලමු මේ රෝග ඇතිවෙන්නෙ කොහොමද කියලා


 

දියවැඩියාව

ඔයා ශරීර ඔරලෝසුවට එරෙහිව ගියහොත් ආහාර ජීර්ණ පද්ධතියට ඒ්ක දැඩි ලෙස බලපානවා.

මේ හින්දා ශරීරයේ ව්‍යාකූලත්වයක් ද ඇති කරනවා.

 ඔයා දිනපතා චර්යාවට එරෙහිව කෑම ගන්නවා නම්,ඒ් කියන්නේ අවේලාවේ ආහාර ගන්නවනම් මේ තත්වය දියවැඩියාවට හේතුවෙනවා.

ඒ් මොකද නිසි වෙලාවට ආහාර නොගැනිම හරහා  ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී  ඇතිවන ගැටලු නිසා

එක පාරක් දෙපාරක් වුනොත් ඒක ශරීරය සකස් කරගන්නවා, හැබැයි මේක නිතරම ,දිනපතා,අඛණ්ඩව  සිදුවීම දියවැඩියාවට හේතුවෙනවා.

 

මේකෙන් මිදෙන්න නමි  ජෛව ඔරලෝසුවට අනුව විනය පවත්වා ගැනීම සහ ඔබේ අවශ්‍යතාවය අනුව සකස් කළ ශරීර ඔරලෝසුව අනුගමනය කිරීම අත්‍යවශ්‍යම වෙනවා.

 

 එක්කෝ රාත්‍රී 8 ට පෙර ඔබේ ආහාර වේල පරිභෝජනය කරන්න. නැතහොත් ඔබේ ශරීරයට අවශ්‍ය පරිදි ආහාර වේල සකසාගෙන  පරිභෝජනය කරන්න 

එවිට මෙමගින් ආරක්ෂා වෙන්න පුළුවන්.

 

 

මීලඟ රෝගය තමා බර වැඩිවීම

බර වැඩිවීමට ප්‍රධාන හේතු වෙන්නේ අජීර්ණය.

 ශරීර ඔරලෝසුව නොදැන සිටීම ආහාර ජීර්ණ පද්ධතියට බාධා කරන විතරක් නෙමෙයි එ්කෙ ප්‍රතිඵලය වන්නේ මේදය වැඩි වීමයි. 

දෑසන ආහාරය පෝෂ්‍යදායීලෙස උදේ  7.30 ට පෙර ගැනීමටත්  දිවා ආහාරය සඳහා නිසි පරිදි සකස් කර ආහාර  දහවල් 1.00 ට පමණ ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා.

ඔරලෝසුවට අනුව ආහාර ජීර්ණයට මෙම කාල පරතරය තබා ගැනීම ඉතාම වැදගත්,රෑට නම් ඉතා සැහැල්ලු ආහාර ගැනීම තමා හොඳ.

මේ විදිහට ආහාර ගැනීම කළමනාකරණය තුලින් අජීර්ණය වැලකෙන අතර ඒ් මඟින් තරබාරුව මගහැරෙනවා.

මීලඟ රෝගය නම් කලින් දෙකටම වඩා භයානක මාරාන්තික රෝගයක් 

ඒ් තමා පිළිකාව

ශරීර ඔරලෝසුවේ අඛණ්ඩව බාධා ඇතිවීම පිළිකා අවදානම වැඩි කරනවා.

ඔ‌බේ ආහාර රටාවන් වල වෙනස් කම් මත් ද්‍රව්‍ය භවිතය වගේම  නින්ද සීමා කිරීම පිළිකා තත්වයන්ට අතවැනීමක් වගේ.

විශේෂයෙන්ම ආහාර මාර්ගය ,බඩවැල් වගේම පෙනහළු ආශ්‍රිත පිළිකා තත්වයන් මෙහිදී ඇතිවෙනවා.

ව්‍යායාම,නින්ද ඇතුළු ජෛව ඔරලෝසුවේ ක්‍රියා සටහන මුළුමනින්ම මග හැරුනොත් මේ තත්වය ඔබට ඇති වීම වලක්වන්න නමි අමාරුයි.

 

මේ විදිහට බැලුවහම අපේ නොසැලකිල්ල නිසා තමයි මේ හැම දේම සිද්ධ වෙන්නේ.

ලෝකෙ හැම දේම නිර්මාණය වෙන්නේ යම් රටාවකට 

ඒ්ක වෙනස් කරන්න අපි කාටවත් බෑ.

පරිසරයට අනුව ඒ නියමයන්ට අනුව අපි හැඩගැසෙන්න ඔින.

මේ අනුව බැලුවහම පැහැදිලි වෙන දේ තමා අතේ ඔරලෝසුවට වඩා අපි හිතන්න ඔින අපේ ජෛව ඔරලෝසුව ගැන කියන එක.

ඒ්ක හරියට පාවිච්චි කලොත් අතේ ඔරලෝසුව ඉබේම හොඳට වැඩකරනවා.

එහෙම් දැනටමත් ඔයා ජෛව ඔරලෝසුවට පිටින් වැඩ කරනවා නම් ඒ් පුරුදු වලට අදම මේ දැන්ම නැවතීම තියන්න.

ජීවිතේ අළුතින් පටන් අරන් සාර්ථන මිනිසෙකු විදිහට දිවි සැරිය තරණය කරන්න.

 

මේ වීඩියෝව ඔයාට ඔයාගේ ජීවිතයට වැදගත් වුණානමි  යාළුවො අතරත් ශෙයා කරලා මේ දැනුම බෙදා ගන්නත් අමතක කරන්න එපා.

ජෛව ඔරලෝසුවෙන් හරියටම ප්‍රයෝජනය ගන්න ඔයාට හැකවෙන්න කියලා අපි පාර්ථනා කරනවා.

ආයෙත් දවසක මේ ව‌ගේ වැදගත් විස්තරයක් එක්ක මුණගැහෙමු.

ඔබට සුබ දවසක්.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ජීවිතේ ගැන හරියටම තීන්දු කරන ඔරලෝසුව
ජීවිතේ ගැන හරියටම තීන්දු කරන ඔරලෝසුව
https://1.bp.blogspot.com/-7jrGm4C7N8s/YIPLTT7cAGI/AAAAAAAACgU/KUoGCZsVIpIkXtOXJl9R2eihO8mPd9hiACLcBGAsYHQ/s16000/clock.jpg
https://1.bp.blogspot.com/-7jrGm4C7N8s/YIPLTT7cAGI/AAAAAAAACgU/KUoGCZsVIpIkXtOXJl9R2eihO8mPd9hiACLcBGAsYHQ/s72-c/clock.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/04/blog-post_39.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/04/blog-post_39.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content