ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාව සෞන්දර්යෙන් පොහොසත්ම රටක් අද අපි කියන්න යන්නේ ලංකාවේ තියෙන බොහොම ප්‍රසිද්ද ලස්සන තැනක් ගැනයි. උඩ දියලුම එහෙම...
ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාව සෞන්දර්යෙන් පොහොසත්ම රටක් අද අපි කියන්න යන්නේ ලංකාවේ තියෙන බොහොම ප්‍රසිද්ද ලස්සන තැනක් ගැනයි. උඩ දියලුම එහෙම නැත්නම් upper diyaluma ලෙසින් දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන ලංකාවේ දෙවනියට උසින් වැඩිම දිය ඇල්ල තමයි උඩ දියලුම කියන්නේ.
කොළඹ ඉදන් උඩ දියලුමට එනවනම් දුම්රිය මගින් මෙන්ම බස්රථ හරහාද මෙම ස්ථානයට ලඟාවීමට හැකියි.බස්රථයක පැමිනෙන අයෙකුට කොළඹ බදුල්ල බසයක පැමිණ බෙරගල හංදියෙන් වැල්ලවාය – හපුතලේ බසයක නැගී දියලුම වෙත ලගා වෙන්න පුලුවන්.දුම්රිය මගින් ගමන්ගන්නා අයෙකුට හපුතලේ වෙත පැමිණ හපුතලේ – වැල්ලවාය බසයක නැගී දියලුම වෙත ලගාවෙන්නට හැකියාව තියෙනව.A ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා ඇති දියලුම දිය ඇල්ල නැරඹීමට නම් දිය ඇල්ල අසලින්ම බසයෙන් බැසගැනීමට පුලුවන්.
නමුත් ඔබ පෞද්ගලික වාහනයකින් එනවනම් උඩ දියලුමට ලගා වීම සදහා කොස්ලන්ද මංසන්ධියෙන් දකුණු පසට හැරී පූනාගල දක්වා දිවෙන මාර්ගය භාවිතාකරන්නට හැකියාව තිබෙනවා.
අද වනවිට දියලුම සහ උඩ දියලුම බොහෝ දෙනාගේ අවධානයට යොමුවී තිබෙන්නේ රාත්‍රී කදවුරැ බදින ස්ථානයක් ලෙසටයි. මෙයි කදවුරැ බැදීම සදහා කදවුරැ බිම්කිහිපයක්ම දැකගත හැකිය. ඉතා මනස්කාංත මෙම දියඇල්ල නැරබීමට ඔබේ මීලග නිවාඩුවට කදිම වටිනාකමක් එක්කරනු ඇත. මේ සුන්දරත්වය සියැසින් දැක එහි පරිසරයට හානි නොකර මතු පරපුරටත් මේ සුන්දරත්වය වදින්නට සැලැස්වීම අප සැමගේ වගකීමයි.
ඡායාරෑප අංතර්ජාලය ඇසුරෙනි.