Logo
Logo

රන් ආභරපන පැළදීම ගැන මෙතෙක් කවුරුත් නොකී රහසක්.

  රත්තරන් කිව්ව ගමන් අපිට එක එක විදියෙ අදහස් ඔලුවට එනවා. කනේ කරේ පළදින රත්තරන් වගේම හිතේ ඉන්න ආදරනීයන්ටත් අපි ආදරේ වැඩි කමටම රත්තරන් කියලා ක...

 


රත්තරන් කිව්ව ගමන් අපිට එක එක විදියෙ අදහස් ඔලුවට එනවා.


කනේ කරේ පළදින රත්තරන් වගේම හිතේ ඉන්න ආදරනීයන්ටත් අපි ආදරේ වැඩි කමටම රත්තරන් කියලා කතා කරනවා.


රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්.


රත්තරන් ආදරේ නිමවුනා


රත්තර කතාවක්


රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එකක්ල ආදයයි..


 


මෙන්න මේ විදිහට අපේ රටේ ගීත වලටත් රත්තරන් පුදුමාකාර විදියට සම්බන්ධයි.


ආදරේ වැඩි නිසාම අපි රත්තරන් කියනවා වගේම තමයි රත්තරන් කියන්නෙත් ඉතා මිල අධික වටිනාකමක් වැඩි ලෝහයක්.


මේ දවස් වල වෙඩින් ගත්ත සහ ගන්න ඉන්න අයනම් රත්තරන් වල ගණන් ගැන හොඳටම දන්නවා.


තමන්ගේ ආදරණිීය රත්තරන්ට රන් පොටක් පළඳවන්න කොච්චර අමාරුද කියලා  මේ දවස්වල මංගල නැකැත් යොදන් ඉන්න අයට හොඳටම දැනිලා තියෙන්‌නේ.


මේ විදිහට අපේ ජීවිතවලට රත්තරන්  කියන දේ ගෙඩාක් සම්බන්ධයි.


ඒ්ත් ඇයි අපි මේ විදිහට රත්තරන් එහෙම නැත්නම් රන් ආභරණ පලදින්නේ,


ඒවා පැළඳුවාම මොකද වෙන්නේ වගේ රත්තරන් ලංකරන් හිටියට ඔබ නොදන්න හැබැයි දැනගන්නම ඔින විස්තරයක් දැන් කියන්න යන්නේ.


ඔිනම දෙයක හොඳ නරක දෙකම තියෙනවා වගේ තමා රත්තරන් වලත් ඔයා නොදන්න හොඳ නරක රහස් බොහොමයන් අද අපි ඔයාට කියනවා.


ඉතිං රත්තරන් ගැන දැනගන්න කලින් ඔයාට රත්තරන් වලටත් වඩා වටින විස්තර ,දැනුම ගෙනල්ලා දෙන අපේ චැනල් එක තාමත්  සබ්ස්ක්‍රයිබ්කරලා නැත්නම් මේ දැම්ම් සබ්ස්ක්‍රයිබ් කරන්න.


ඒ් වගේම  කාර්ය බහුලව වැඩ ගොඩක ඉන්න ඔයාට මේ වගේ වැදගත් දෙයක් දැන්ම ගමන් සැනින් ඒ් ගැන දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් මතක තියාගන්න.


 


දැන් මේකියන්න යන්නේ රත්තරන් ගැන ඔයාට වැදගත් රත්තරන් වටින කතාවක්.


ඉස්සර  ලෝකයේ වටිනාම ලෝහය වුනේ රත්තරන්.


කාලයකදි වෙළෙඳ භාණ්ඩ හුවමාරුව සඳහා වූ මුදලක්‌ විදියටත් රත්තරන් භාවිතා කළා.


අද වෙද්දි බ්‍රිතාන්‍යයේ මුදල් ඒකකය වෙන්නේ රන් පවුම්.


රත්තරන් මේ විදහට වටිනා ද්‍රව්‍යයක්‌ බවට පත් වුණේ කොහොමද? කියල දැන් අපි බලමු.

 

 භූ විද්‍යාත්මකව රත්තරන් කියන්නේ ඛණිජයක්‌.


ස්භාවිකව හමුවන මුලද්‍රව්‍යමය ඛණිජයක්‌ කියලත් අපට හඳුන්වන්න පුළුවන්.


බොහොමයක්‌ ඛණිජ පරිසරයේ මුණ ගැහෙන්නේ සංයෝග විදිහට. නමුත් රත්තරන් ඇතුළු ඛණිජ කිහිපයක්‌ එලෙස සංයෝග සාදන්නේ නැහැ.


 ඒ කියන්නේ වෙනත් මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ.


විශේෂයෙන්ම ඔක්‌සිජන් සහ ජලය සමග.


එහෙම නැතිනං බොහොම අඩුවෙන් තමයි ප්‍රතික්‍රියා කර සංයෝග සාදන්නේ.


හැබැයි රත්තරන් ගෙන්දගම් (S) හමුවේ නම් කළු පැහැති සල්ෆයිඩය හදනවා.


ඒක නිසා තමයි ගෙන්දගම්වලට රත්තරන්වල සතුරා කියලා කියන්නේ.


ඒ වාගෙම රත්තරන්වලට ගඳක්‌ සුවඳක්‌ ඇත්තෙත් නැහැ.

 

මුලද්‍රව්‍යමය රත්තරන් කහ පාටයි.


එය ඉතා අලංකාර ලෙස දිලිසීමට හේතුවක්‌.


රත්තරන් ඉතා අඩුවෙන් ගෙවීමට ලක්‌ වීමත් මෙහි තියෙන අපූරු ගුණාංගයක්‌.


ඒ වාගේම කැඩී බිඳී වෙන් වී යන්නේ නැතුව ඉතාම තුනී තහඩු නිර්මාණය කිරීමේ හැකියාව ද රත්තරන් සතු වෙනවා.


ඒ වාගේම ඉතාම තුනී නූල් නිර්මාණය කිරීමේ හැකියාව ක්ද  නැතුවා නොවේ.


රත්තරන් අවුන්සයක්‌ (28 g) කිලෝ මීටර අටක්‌ පමණ දුරකට ඉතා තුනී නූලක්‌ ලෙස අදින්ට පුළුවන් බව රත්තරන් ගැන විස්තර හොයද්දි දැනගන්න පුළුවන්.

 

කැරට්‌ 24 රත්තරන් කියන්නේ සුපිරිසිදු රත්තරන්.


ඒ් ගැන නම් ඉතිං හැමෝම වගේ දන්නවනේ.


පොළොවෙන් කණිනකොට මුලින්ම ලැබෙන්නේ කැරට්‌ 24 රත්තරන්.


ඒ් වගේ  රත්තරන් විෂ සහිත වෙන්නෙ නෑ.


රත්තරන් මිශ්‍රිත ආහාර සහ බීම භාවිතය ගැන  අපේ අතීතයේ සඳහන් වෙනවා.


අපේ රටෙත්  කුඩා දරුවන්ට ඉඳුල් කට ගෑමේ චාරිත්‍රයේ දී රත්තරන් කට ගානවා නැත්නම් රන්කිරි කට ගානවා කියලයි  පැරැන්නන් පවසුවේ අන්න ඒ් නිසා.

 

රත්තරන්වලට ඉතා හොඳින් විදුලිය සන්නයනය කරන්න පුළුවන්.


නමුත් මිල අධික නිසා ඒ සඳහා භාවිතය අපහසුයි, හැබැයි සමහර විශේෂිත තත්ත්ව යටතේ භාවිත කළ යුතු අවස්‌ථාවල පමණක්‌ රත්තරන් සන්නායකයක්‌ ලෙස යොදාගන්නවා. විශේෂයෙන්ම සුපිරි පරිගණක නිෂ්පාදනයේ දී වගේ.

 


රත්තරන් භාවිතය කලාවක්‌, එහෙම නැතිනං මෝස්‌තරයක්‌ කියලා හඳුන්වන්නත් පුළුවන්. සමහර ජාතින් අතර ඒක පිස්‌සුවක්‌ වාගේ ජනප්‍රිය වෙලා.


මෝස්තරයික් විදිහට රත්තරන් භාවිතයේ ඉතිහාසය වගේම,රත්තරන් පැළදීමෙන් ඔබට ලැබෙන විශ්මිත ප්‍රථිපල ගැනත් මේ විඩියෝ එකෙන් අපි කියන්න සූදානම්.


ඒ් නිසා මඟ නොහැර දිගටම මේක බලන්න


මොකද ඔයා නොසිතපු දෙයක් ඔයා ගාවම තියෙන රත්තරන් වල තියෙන බව දැනගන්න මේ ක හොඳම අවස්ථාව.


රත්තරන්  පොලොවේ තියෙන්නේ නිධි විදිහට නිර්මාණය වෙලා.

 

 ලෝකයේ රත්තරන් නිධි නිර්මාණය වන්නේ කොහොමද කියලා අපි  දැන් බලමු.


භූ විද්‍යාත්මකව රන් නිධි ආකාර කිහිපයක්‌ තියෙනවා.


ඒ ප්‍රාථමික නිධි, ද්විතියික නිධි සහ ස්‌ථානීය නිධි කියලා.


ප්‍රාථමික නිධි කියන්නේ මවු පාෂාණයේ පිහිටා ඇති රන් නිධි. ඒවා ජීර්නයෙන් ස්‌ථානීය නිධි බවටත් ස්‌ථානීය නිධි ඛාදනය නිසා ද්විතියික නිධි නිර්මාණය වෙනවා.

 

 ලෝකයේ විශාලතම රත්තරන් නිෂ්පාදකයා වෙන්නේ චීනය.


2019 වසරේදී පමණක්‌ ටොන් 404 ක්‌ නිපදවා තියෙනවා.


 ඒ අතර ඔස්‌ටේ්‍රලියාව, රුසියාව, ඇමෙරිකාව, කැනඩාව සහ පේරු රාජ්‍යයත් රත්තරන් හිමිකාරීත්වයේ  පෙරමුණේ ඉන්නා රටවල් වෙනවා.


 


රත්තරන් වල ජීවිත කතාව ඔය විදිහට වෙද්දී අපි‌ට ගොඩාක් රත්තරන් සමීව වෙලා තියෙන ක්‍රමයක් ගැන අපූරු විස්තරයක් මිලඟට කින්න යන්නේ.


ඒ් තමයි රත්තරන් ආභරණ ගැන


මිනිසුන් තමන්ගේ සිරුරේ අලංකාරය වැඩි කරගන්න රත්තරන් ආභරණ විදිහට පළඳින්න අරගෙන තියෙන්නේ කිස්තුස් වහන්සේ ඉපදෙන්නටත්  අවුරුදු 4000කට විතර කලින්.


උතුරු යුරෝපයේ සිට පාරාවෝ වරුන්ගේ සොහොන් සැරසිලි  කරන්නත් මේ රත්තරන් භාවිතා වෙලා තිබෙනවා.


රත්තරන් වලට අතීතයේ මිනිස්සු  කොතරම් ප්‍රේම කලාද කියන දේට හොඳ උදාහරනයක් දැන් මේ කියන්න යන්නේ


ඒ් තමයි ක්‍රිස්තුපූර්ව 128 දී මියගිය හන් රාජවංශයට අයති ලියු ෆෙයි නමැති චීන රජතුමාගේ සොහොනක් මීට අවරුදු  කීපයකට කලින් සොයාගත්තා.


ඔහුව වල දමා තිබෙන්නේ රත්තරන් ඇතුළු තවත් බොහෝ වටිනා දේ එක්ක.


ඒ් කියන්නේ ජීවත් වෙන කාලෙදි විතරක් නෙමෙයි මැරුණහමත් රත්තරන් එකක් මිහිදන් වෙන තරමටම ඔවුන් රත්තරන් එක්ක බැඳිලා.


මීට අමතරව ඊජිප්තු පාරාවෝ වරුන් තමන්ගේ  මරණයෙන් පස්සේ පරලොවට රැගෙන යන්නට තැන්පත් කල බොහෝ රන් ආභරණ සහ උපකරණ පිරමීඩ තුලින් හමුවෙලා තියෙනවා.


අද වෙන කොට රත්තරන් ඇසුරු කරන් නිර්මාණය කරපු මුදු,මාල,කරාබු,බ්‍රෙස්ලට් වගේ විවිධ ආභරණ සමාජයේ භාවිතා කරන්න පුරුදුවෙලා තියෙනවා.


මේ අතරින් මුදු ප්‍රධාන වෙනවා.


දැන් නම් කවුරුත් රත්තරන් මුදු පලඳින්නේ මෝසතරයක් විදිහට හිතලා


 


විශේෂයෙන්ම විවාහයකදී නම් තමන්ගේ වත් පොහොසත් කම පෙන්නන්න බොහෝ අය ලොකු ලොකු බර මුදු හුවමාරු කරග්න්නවා.


ඒ් විතරක් නොමෙයි විවාහ ගිවිස ගනිද්දි ඒ් කිව්වේ ඒන්ගේජ්මන්ට් රින්ග්, උපන්දින වලට, ආදරය මුලින්ම ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔය විදිහට විවිධ හේතු වලට අද රත්තරන් මුදු වාණිජමය අරමුනින් නිර්මාණය වෙලා තියෙනවා විතරක් නෙමෙයි හුවමාරුත් වෙනවා


 


වෙඩින් එක දවසට මුදු දෙකේ ෆොටෝස් වෙනම ගන්න තරමටම ඒ්ක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා.


 මේ හින්දා සමහරු ලොකු ලොකු බැංකු ණය පවාඅරන් මේ විදියට ආභරණ නිර්මාණය කරනවා තමන්ගේ තත්වය රැක ගන්න.


හැබැයි රත්තරන් කියන්නේ නම් එහෙම තත්වය පෙන්න්නන් යොදා ගන්න දෙයක් නොමෙයි කියලා මේ වැඩසටහන අවසානයේදී ඔයාට තේරේවි.


 


කාන්තා පාර්ශවය තමයි රත්තරන් වලට වැඩි අසාවක්,කැමැත්තක් දක්වන්නේ.


ඒ්ක අතීතයේ ඉඳලම පැවතුන දෙයක්.


ඒ් නිසාමයි විවිධ මෝසතර වලින් අදටත් රන් ආභරණ බිහිවෙන්නේ.


කොහොම වුණත්  පැරණි සමාජයේ මේ මුද්ද පැළදුවේ නිරෝගී බව ගැන සිතීම නිසාලු. 


රත්තරන් වල තියෙන බලය ප්‍රයෝජනයට අරගෙන නිරෝගී බව රැකගැනීමේ ක්‍රමයක් විදියට තමයි පැරැන්නන් මුදු පැළදීම කරල තියෙන්නේ.


ඒ ගැන ඔවුන්ගේ තද බල විශ්වාසයක් තිබුනා.


 


මේ විදහට රත්තරන් මුදු පැළදීම හින්දා  මීමැස්මොරය එහෙමත් නැත්නම් අපස්මාරය කියලා අපි හදුන්වනු ලබන රෝගයෙන් ආරක්ෂා වෙන්නත් ඒ වගේම විෂ ශරීරයට ඇතුළු වීම හා යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුරුකම් වලින් ආරක්ෂා වීමටත් හැකියාවක් තිබුනු බවට ඉස්සර ඉඳලම විශ්වාස තිබිල තියෙනවා. 


 


 


ඒ විතරක් නෙමෙයි මිනිසුන් මැරීමට වගේම මැරවීමටත් මුදු යොදා ගත් බව ඉතිහාසයේ විස්තර වෙනවා.


 


අද වෙද්දි  මෝස්තර ලෝකයට රන් රිදී වගේම වෙනත් නොයෙක් දේ වලින් තනන ලද විවිධ මුදු එක්වෙලා තියෙනවා.  අතැගිලි වලට පමණක් නොවෙයි, කකුලටත් , නාසයටත්, ඇහිබැම, නාභිය, ආදි විවිධ ස්ථානවල මුදු පැළදීමට තරුණියන් වගේම තරුණයන් බොහොම උනන්දුයි. 


 


තමන්ගේ ඇදුමේ පාටට විතරක් නෙවෙයි අනෙක් ආභරණ වලට ගැලපෙන ආකාරයටත් මුදු හදාගැනීම සිද්ධ වෙනවා.


 


සතුන්ගේත් සර්පයන්ගේත් රූප කොටලා විවිධ කැටයම් යොදා ගෙන පිරිසිදු රත්තරන් වලින් කල නොයෙක් හැඩයන්ගෙන් යුත් මුදු අතීතයේ හිටපු මිනිසුන් පැළදූ බව බැබිලෝනියාවේ වගේම මිසරයෙන් හොයගත්ත පැරණි සොහොන් කොත්වල තිබිලා හමුවුන මුදු වලින් හෙලිවෙනවා.


 


නයිල් නදියේ වාසය කල  මිනිස්සු  ගැහැණියගේත් මිනිසාගේත් එක්වීමේ සලකුණක් විදිහට මුදු පැළැදීම පටන් ගත් බව සඳහන් වෙනවා. 


 


විවාහ සිරිතක් ලෙස මුදු පැළදවීම මුලින්ම කරල තියෙන්නේ රෝමන්වරු. 


 


මුදු පැළදීම නිසා ඇය විවාහකද අවිවාහකද කියා දැනගැනීමට එදා සමාජයේ මිනිසුන් පුරුදුවෙලා සිටියා.  නමුත් අද  වෙද්දි මෝස්තරයක් විදිහට එය සමාජයට එක් වී ඇති නිසා ඒ ගැන සොයා බලා වෙන්කර හදුනාගන්න නම් ටිකක් අපසහුයි.


 


ඔය විදිහට රත්තරන් අපේ ජීවිත වලට සම්බන්ධ වෙලා තිබුණට රන් ආභරණ පැළදීමෙන් ලැබෙන දුර්ලභ ප්‍රථිපල ගැන ඔයා දැනුවත් නැතිව ඇති.


මේ කියන්න හදන්නේ රන් ආභරණ පැළදීමෙන් ලැබෙන විශ්මිත ප්‍රථිපල කිහිපයක් ගැන.


 


රන්  ආභරණ බලශක්ති ප්‍රභවයක් වන අතර එය මානසික, ශාරීරික හා අධ්‍යාත්මික ඇතුළු විවිධ රෝග වලින් ශරීරය ආරක්ෂා කරනවා.


රන් ආභරණ රෝග සුව කිරීමේ ශක්තිය වැඩි කරන අතර ඔබව නැවුම් මානසිකත්වයෙන් තබා ගැනීමට සමත් වනවා.


රන් ආභරන පැළඳ සිටීමෙන් මෙන් මේ වගේ ප්‍රථාපල අත්වෙනවා.


පළමුවෙනි කාරණාව තමයි රුධිර සංසරණය පාලනය කිරීම


රත්රන් ඔබේ ශරීරයේ රුධිර සංසරණය පාලනය කරන අතර එම නිසා ඔබේ ශරීරයේ සෑම කොටසකම ඔක්සිජන් ගලායාම පාලනය කරනවා.


ඒ් වගේම රත්රන් ඔබව මානසික හා ශාරීරික රෝග වලින් නිදහස් කරනවා.


එය ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරනවා වගේම ඔබව පරිපූර්ණ කරවනවා. ඔබේ ශරීරය රෝගවලින් තොර කිරීමටත් උපකාර වෙනවා.


ඊළඟ කාරනාව අද වෙද්දි සමාජයේ බහුතරයකට තියෙන ප්‍රශ්ණයක් ඒ් තමා ආතතිය සහ කාංසාව.


ආතතිය හා කාංසාව අඩු කරන්න රත්තරන් වලට අති ප්‍රබ හැකියාවක් තියෙනවා.


රන් ආභරණ මානසික අවපීඩනය, ආතතිය සහ කාංසාව අඩු කරන අතර ඔබ සතුටින් හා ආතතියෙන් තොරව ජීවත්වීමට අදාල ශක්තීන් නිපද වනවා.


ඒ් වගේම රන් වලට සෘණාත්මක බලපෑමක් නැහැ


එය ශරීරයට සුවදායී බලපෑමක් ලබා දෙන අතර ඔබ ශරීරයේ රත්රන් පැළඳවීමෙන් ශරීරයට කිසි විටෙකත් හානියක් සිදු වෙන්නෙ නෑ.


රත්රන් ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගෙන යනව වගේම පාරිසරික උෂ්ණත්වයේ බාහිර උච්චාවචනයන්ගෙන් ඒ කියන්නේ රස්නය අඩු වැඩි වීමෙන්  ශරීරය ආරක්ෂා කරනවා.


ඒ් විතරක් නෙමෙයි රත්තරන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.


ආතරයිටිස් රෝගයේ වේදනාව හා රෝග ලක්ෂණ ද අවම කරන්න රත්තරන් වලට පුළුවන්


විශේෂයෙන්ම රන් ආභරණ ඔබේ සම රැකබලා ගන්නා අතර ඔබේ සමේ යම් ආසාදනයක් ඇත්නම් රත්රන් එය ඉක්මනින් සුව කිරීමට උපකාරී වෙනවා.


කැරට් 24 රත්රන් කෙලින්ම සමට එරෙහිව පැළඳීම මගින් මෙය වඩාත් ප්‍රථිපල දායි වෙලා තියෙනවා.


රත්රන් ඔබේ මුහුණේ සහ සමේ දීප්තිය ලබා දෙනවා.


 හොදම උදාහරනය තමයි ක්ලියෝපැට්රා අධිරාජිනිය .තමන්ගේ සම තරුණ බවට පත් කර ගැනීම සඳහා මුහුණු ආවරණයක් ලෙස පිරිසිදු රත්රන් භාවිතා කරලා තියෙනවා කියන සාක්ෂිය


රෝම යුගයේදී රත්රන් ලවණ බවට පත් කරලා විවිධ සමේ රෝග හා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා පාවිචිචි කරලා තියෙනවා.


මෙන්ම මේ  රත්රන් සතු  සම මත ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඇති හැකියාව නිසා. අද වනවිට විවිධාකාර රූපලාවන්‍ය නිපැයුම් හා චර්ම රෝග ප්‍රතිකාර වල  පිරිසිදු රත්රන් අඩංගු බව සොයා ගත හැකිවනවා,


ඒ් වගේම උගුරේ  අභ්‍යන්තර අමාරුවකට හෝ ආසාදනයකට රත්රන් ආලේප කිරීම තුවාලය සුව කිරීමට උපකාරී වෙනවා කියලත් අතීතයේ ඉඳලා මතයක් තිබෙනවා.


 ඒ් රත්රන් රුධිර නාල වලට ලිහිල් බලපෑමක් ඇති කිරීම මගින් රුධිරය වඩාත් නිදහසේ ගලා යාමට ඉඩ සලසනවා. මේ හරහා ශරීරය තුළ ඔක්සිජන් නියාමනය කිරීම හරහා තුවාල සුව කිරීමටත් උපකාරී වෙනවා.


ඔබ සතුව දැනටමත් රත්තරන් ආභරණ යම් ප්‍රමාණයක් හෝ තිබෙනවා ඇති හැබැයි ඔබ ඒ්වා උත්සව සහ සාද වෙනුවෙන් පමණක් පලදලා පස්සේ ආයෙම ආරක්ෂිතව තබනවා ඇති


හැබැයි බලන්න රත්තරන් කියන්නේ ඔබේ අගය විවිධ ආකාරයට වර්ධනය කරන්න හේතු වෙන දෙයක් ඔබ එය පළඳින්නේ නැති වුනොත් ඔබට අයිති විශ්ව ශක්තීන් ඇතුළු සුබ ප්‍රතිපල බොහාමයක් ඔබට මග හැරෙන්න පුළුවන්.


දැන් ඔබට පැහැදිල ඇති අපේ ජීවිතයට සම්බන්ධ කිසිම දෙයක් හේතුවක් නැතිව නිකරුනේ අතීතයේ හිටිය අපේ මුතුන් මිත්තෝ පාවිච්චි නොකල බව


ඒ් හැමදේකටම ලොකු වටිනාකමක් හේතුවක් තියෙනවා.


රත්තරන් වලට රන් ආභරණ වලට අසීමිතව ආදරය කරත් ඒ්වා පලඳගෙන එහේ මෙහේ ගියත් ඒ්වායේ තියෙන සැබෑ විටිනාකම ඔයා අද දැනගන්න ඇති.


මේ දැනුම ඔයාගේ හිතවතුන් එක්ක ශෙයාර් කරගන්න අමතක කරන්නත් එපා.


ආයෙ දවසක මේ වගේ සුවිශේෂි කතාවක් එක්ක මුණ ගැහෙමු 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: රන් ආභරපන පැළදීම ගැන මෙතෙක් කවුරුත් නොකී රහසක්.
රන් ආභරපන පැළදීම ගැන මෙතෙක් කවුරුත් නොකී රහසක්.
https://1.bp.blogspot.com/-mV0nBXEqTgY/YIPI6rY7ALI/AAAAAAAACgA/voiUd2Ak_dghSECYfXGBln7kxCC0eihigCLcBGAsYHQ/s16000/beautiful-girl-with-many-golden-and-bronze-chains-NPQT9DK.jpg
https://1.bp.blogspot.com/-mV0nBXEqTgY/YIPI6rY7ALI/AAAAAAAACgA/voiUd2Ak_dghSECYfXGBln7kxCC0eihigCLcBGAsYHQ/s72-c/beautiful-girl-with-many-golden-and-bronze-chains-NPQT9DK.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/04/blog-post_24.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/04/blog-post_24.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content