ඔබේ ගෙදර එහෙම නැත්නම් ඔබ වාසය කරන ජීවත්වන නිවස මේ වචන ඇහෙද්දිම ඔබට මොකක්දෝ හැඟිමක් දැනෙනවා නේද? ඔව් අපි කාටත් එහෙමයි ගෙදර කියන වචනය අපේ ජීව...
ඔබේ ගෙදර එහෙම නැත්නම් ඔබ වාසය කරන ජීවත්වන නිවස මේ වචන ඇහෙද්දිම ඔබට මොකක්දෝ හැඟිමක් දැනෙනවා නේද?
ඔව් අපි කාටත් එහෙමයි
ගෙදර කියන වචනය අපේ ජීවිතවලට එතරම්ම සමීපයි , අපේ ජීවිතයේ සැප දුක සතුට කඳුල කියන මේ හැම දේම බෙදා ගන්න අපට තියෙන විස්වාසවන්තම සෙවන අපේ ගෙදර නිසා.
මේ හින්දම මිනිසා කෙමෙන් පරිණාමය වෙද්දි තමන්ගේ වාසස්ථානය සඳහා වඩා වැඩි අවධානයක් යොමු කරනවා.
ගල් ගුහාවල,ගස් බෙනවල,කූඩාරම්වල ජීවත්වෙච්ච මිනිස්සු අද වෙද්දි අධි සුඛෝපභෝගි ගෙවල් වල ජීවත්වෙන තරමටම ගෙදර කියන අවශ්‍යතාවය ප්‍රධාන වෙලා තියෙනවා.
දැන් කාලේ බොහෝ දෙනා තමන්ටම කියලා යමක් කමක් කරගෙන අතට සල්ලි කීයක් හරි ලැබෙද්දී මුලින්ම කරන්නේ බැංකුවකින් ණයක් අරන් ගෙයක් දොරක් හදාගන්න එක.
ඒ් කිව්වේ රස්සාවක් ලැබුණගමන් පරස්තාවට කලින් ඉන්න හිටින්න තමන්ගෙම කියලා තැනක් හදාගන්න එක.
ඉතිං මෙන්න මේ තරමටම ආසාවෙන්,ආදරයෙන්,උනන්දුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කරල හදන ගෙදරින් ඔබට අයහපත් ප්‍රතිපල අත්වෙනවට ඔබ කිසිම විදිහකට කැමති නැහැ.
අපි කාටත් ඔින දවසින් දවස කිරි උතුරන සතුට සැපත උදාවෙන වාසනාවන්ත නිවසක්.
මෙන්න මේ දේ හින්දමයි නැකැත් බලලා පූජා තියලා අපි ගෙයක් හදන්න පටන් ගන්නේ .
වහල,උළුවහු ,ජනේල මේ හැමදේම ආරම්භකරන්න අපි සුබ වෙලාවල් ගලප ගත්තට අපි කිසිම විදිහකට නෙහිතන ඒ්ත් ගෙදරක පැවැත්මට ඉතාම වැදගත්වන අංගයක් ගැනයි අද මේ ඔබට කියන්න යන්නේ.
විස්තරය දැනගන්න කලින් තවමත් ඔයා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් මේ වගේ ඉතා වැදගත් තොරතුරු සැනින් දැනගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරනන්ත් අමතක කරන්න එපා.
ඔබේ ගෙදර වාස්තු විද්‍යානුකූලව නිර්මාණව කරද්දී ,ගෙදර ඇතුලත වාස්තු පරීක්ෂාව කරනවා වගේ ම
ගෙදරින් පිටත ඒ් කියන්නේ මිදුල ගැනත් අනිවාර්ය අධ්‍යනයක් කල යුතුම වනවා.
මොකද ගේ කොතරම් හොඳට සැළසුම් කරලා නිර්මාණයකරත් ගෙදර මිදුල අපිලිවෙල නම් මිදුල හරහා ගේ ඇතුලට විශ්ව ශක්තිය ගලාගෙන ඒන්නේ නැත්නම් ගේ හදන්න කැපකරපු හැමදේම වතුරේ යනවා.
ඒ් නිසා අද අපි සූදානම් ගෙමිදුල කලමනාකරණය කරමින් ඔබේ ගෙදරට විපුල පල ගෙනෙනෙ විදිය ගැන කියන්න.
******
නිවසක ඉදිරිපස නැත්නම් ඉස්සරහ පෙනුම විවිධාකාර වෙනවා.
ඇසට සිතට ප්‍රිය දසුන් ගෙදරට වගේම ගෙදර ජීවත්වන අයටත් අනේකවිධ ප‍්‍රතිලාභ ළඟා කරවීමටත් සමත් වෙනවා.
අන්න ඒ් නිසයි ගෙමිදුල වාස්තු දොස් රහිතව සකසා ගැනීමට ඔබ උනන්දු වෙන්න ඔින.
*****
මිදුලේ පටන්ගැන්ම බොහෝ වෙලාවට සිදුවන්නේ වත්තටම මායිම් වූ ගේට්ටුයක් සහිත කොටසත් සමඟයි.
අද වෙද්දි ගෙදර හදන්න කලින් මුලින්ම හදල ඉවර කරන්නේ තාප්පය සහ ගේට්ටුව,
ඒ් ඇස් වහ කටවහ දෝශ වලින් ඔබ හදන ඔබේ සිහින නිවහන ආරක්ෂා කරගන්න.
අන්න ඒ නිසාම මේ කතාව ඔබට තවත් වැදගත්.
මොකද එක දේකින් ආරක්ෂාවෙන්න ඔබ කඩිමඩියේ තාප්ප ගේට්ටු දාගනිද්දි මෙන්න මේ ගැනනොදැන කටයුතු කලොත් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න.
*****
ගෙදරක ප‍්‍රධාන දොරටුවට කෙලින්ම පිවිසුම් මාර්ගය හෝ ගේට්ටුවක් පිහිටීම ඒ් තරම් සුභ වන්නේ නෑ.
ඒ් හරහා විවිධ දෝශයන් නිවසට එකතුවීම සිදුවෙනවා
ගේට්ටුව තියෙනවානම් තියන්න ඔින ගෙදරට දකුණු හෝ වම් පැත්තෙන්.
ඒ්වගේම ගෙදර සහ මිදුලේ පිහිටීම පාර මට්ටමට වඩා යම් පමණක හෝ උසකින් වීම ද දෝෂ රහිත වෙන්න තවත් එක් ප්‍රධාන හේතුවක් වෙනවා.
ඉදිරිපස ගෙමිදුල, නැතහොත් ඉදිරිපස ගෙවත්ත වාස්තු දෝෂ මඟ හැර ක‍්‍රමානුකූලව සැලැස්මකට අනුව ඉදිකිරීම මඟින් ඔබේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වෙනවා.
ලෙඩ වෙන්න අපි කවුරුත් කැමති නැහැනේ
අන්න ඒ් නිසා මග නොහැර අපි මේ කියන හැමදේම ඔයාගේ මනසටම ගන්න..
විශ්ව ශක්තිය ඒ් කියන්නේ මේ විශ්වය සතු ඔයාට,ඔයාගේ ජීවිතයේ යහ පැවැත්ම වෙනුවෙන් උකහාගන්න පුළුවන් ශක්තීන්
මේවා නිදහසේ ගේ ඇතුලට ගලා ඒමෙන් නිවැසියන්ට යම් යම් ප‍්‍රතිලාභ ලබා දෙනවා.
ගෙදර ඉස්සරහ කොස්, අරලිය වැනි කිරි සහිත ගස් වගේම
පතොක්, කදුරු, සියඹලා, උගුරැුස්ස, රෝස වැනි කටු සහිත ගස් තිබීම සුබදායක වෙන්නේ නෑ.
එහෙමයි කියලා මේ ගස් ගෙදර වත්තෙන් අයින් කරන්න එපා ඒ්වා ගෙදර පිටිපස්සේ හරි ගෙදරට, වම් හෝ දකුණුපැත්තෙන් හිටෙව්වට වරදක් නැහැ.
හැබැයි පිටුපස දොරට කෙලින්ම සිටුවීමත් කරන්නම එපා.
********
ගෙදරට ටිකක් හෙවන වැටෙන්න ඔින.
එතකොට රස්නෙත් අඩුවෙනවා කියලා ඔබ තරමක් විශාල ගස් ගෙදර මිදුලෙ හිටවන්න හිතනවනෙ.
ඒහෙනම් මෙන්න ඒ් ගැනත් ටිකක් දැන ගන්න.
අතුපතර විහිදී යන අඹ වගේ ලොකු ගස් , ප‍්‍රධාන දොරට කෙලින් හෝ ලඟින් හිටවන්න හොඳ නෑ.
එ් වගේ ගස් උළුවස්සට අඩි 10 ක් හෝ 15 ක් පමණ දුරකින් හිටවන එක තමයි වඩාත් හොඳ.
වාස්තු විද්‍යාණුකුලව නිර්දේශකරලා තියෙන දොඩම්, නෙල්ලි, මිදි, දෙලූම්, පලූ, මූණමල්, මහතෙල්, තැඹිලි, පොල්, පුවක් වැනි ගස් ඔයාගේ ගෙවත්තට අහිතකර නොවුනත් ඒ්ව සිටවන්නත් ඔින, ගෙවත්තට හා පරිසරයට හානිදායක නොවන විදිහට.
ඒ්ක ආරක්ෂාවට මෙන්ම අලංකාරයටද හේතුවක්.
මෙහිදී වඩාත් සුදුසු වන්නේ විෂබීජ නාශක බලයක් තියෙන සුදුහඳුන්, මදුරුතලා, කෝමාරිකා, ඉරිවේරිය වැනි වගාවන්.
මේවා ගෙදර වත්තේ තියෙනවා නම් සිතට මෙන්ම ගතට ද සුවදායක පරිසරයක් නිර්මාණය කරල දෙනවා.
ගෙදර මුලු හතරට කෙලින් මොනම ගස් වර්ගයක් වත් සිටවන්න සුදුසු නෑ.
අඩුම වශයෙන් රියන් 5 කටවත් ඈතින් ගස් සිටුවන්න කියලා තමයි වාස්තු විද්‍යාවේ කියන්නේ.
ඒ් වගේම තමයි වහලයට ගෑවෙන සේ ගස්වැල් තියෙන්න හොඳ නෑ.
මුරුංගා, කතුරුමුරුංගා ප‍්‍රධාන දොරට ඉදිරියෙන් හෝ ගෙමිදුලේ වගාකරන්න එපා.
ඒ්වා ගෙයි පිටිපස්සට වෙන්න වවන්න හැබැයි වහලට ඉහළින් නොයන විදිහට ගහ නඩත්තු කරන්න අමතක කරන්න එපා.
ප‍්‍රධාන දොරටුවේ උසවගේ දෙගුණයකට වඩා දුරින් වාස්තු නිර්දේශිත ගස් සිටුවීමෙන් ගෙදර වගේම ගෙදර ඉන්න අයගේ ආරක්ෂාව තහවුරු වෙනවා.
ප‍්‍රධාන දොරටුවට කෙළින් ළිඳක්, පොකුණක් තිබීම ද ගෙදරට දෝශ සහිතයි.
ඒ් නිසා ගෙදර හා මිදුලෙ ලස්සනට කියලා හිතෙන හිතෙන තැන්වල පොකුණු හදන්න එපා.
මේ වෙද්දි ගෙදර මිදුල ලස්සන කරගන්න ගස් වර්ග,මල් පැළ වර්ග පුංචි දියඇළි පොකුණුවිතරක් නෙමෙයි සත්තුත් අපේ උදවිය යොදා ගන්නවා.
මේ කියන්න හදන්නේ ඔබේ ගෙවත්තේ අලංකාරයට සත්තු යොදා ගනිද්දි දැනගන්නම ඔින කරුණු ටිකක්.
අහිංසක සතුන් කුඩුවක දාල ප‍්‍රදර්ශනාත්මක භාණ්ඩයක් ලෙස සමහර ගෙවල්වල තියෙනවා ඔබ දැකලා ඇති
සමහර විට මේ වෙද්දිත් ඔයාගේ ගෙදර ඇති.
මේ දේනම් ගෙදරට වගේම ගෙදර ඉන්න අයට කිසිසේත්ම සුබදායක නැහැ.
ඒ්ක හිරියට නැති කරදර හා උවදුරු බලෙන් ළංකර ගැනීමක්.
සත්ව හිංසාව ආගම ධර්මයට අනුවත් සදාචාර ධර්මයට අනුවත් අකුසල කර්මයක්නෙ. ඉතිං ඔයාගෙ සතුටට අහිංසක සත්තු ගෙදර මිදුලෙ හිරකරන් ඉන්න එක කොහොමත් හොද මදි.
මේ හේතුවෙන් ගෙදර ගෘහ මූලිකයාගේ යහපැවැත්මට අසීමිත හානියක් වෙනවා.
සුරතලයට ඇති කරන බල්ලෙකු වුනත් නිදහසේ ඉන්න ආසයි නේ
තිරිසන් සතෙකු වුනත් ඌටත් කලින් කලට ඇති වන ශාරීරික අවශ්‍යතා තියෙනවා.
නිදැල්ලේ ඉන්න කොට එම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. වත්තපුරා ඇවිදින සතා හැම තැනක්ම තමන්ගේ ලැඟුම් බිම් විදිහට යොදා ගන්නේ නැ.
ඌ නිතරම විවේකීව ඉන්න කැමැති ස්ථාන ජය භූමි වශයෙන් හඳුනා ගැනීම අපහසු වෙන්නෙ නෑ.
එවැනි ස්ථාන නිවැරදිව හඳුනාගෙන සුබ කටයුතු සඳහා යොදා ගැනීමට හැකිනම් අන්න ඒ්ක ගෙදර අයගෙ වාසනාවක්.
ඒ් නිසා ඔබේ වත්තෙ ඉඩ කඩ තියෙනවා නම් ගෙදර ඉන්න සතුන්ට නිදහසේ ඉන්න දෙන්න
***********8
සමහර ගෙවල් ලඟ බෝ, නුග, නා වගේ ලොකු ගස් දකින්න පුළුවන්.
ගෙදරට වගේම ගෙදර සාමාජිකයින්ට එය ආරක්ෂිත වුවත් ඒවා අයින් කරන වෙලාවට වඩාත් සූපරීක්ෂාකාරී වෙන්න ඔින.
මොකද ඒ්වගේ එවැනි විශාල වෘක්ෂයන්හි දෙවියන් හා යක්ෂයන් අරක්ගෙන සිටීමට ඉඩ ඇති නිසා.
ඒවා ඉවත් කළ යුතුම අවස්ථාවක් ආවොත්, ඒවාට අරක්ගත් දෙවිදේවතාවුන්ට හා යක්ෂයන්ට පුද පූජා පවත්වන්න.
නියමිත වත්පිළිවෙත්වලින් පස්සෙ ඔයාගේ අවශ්‍යතාවය පිළිබඳ ආයචනා කරලා, වෙනත් සුදුසු ස්ථානයක් කරා යන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න.
ඉන්පසු ඉවත් කර ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමෙන් දේව උදහස් හා යක්ෂ උවදුරුවලින් මිදෙන්න පුළුවන්.
මීළඟය කියන්න හදන්නේ ඔයාගෙ ගෙදර වත්තෙ වවන ගස් ගැන අපූරු රහස් ටිකක්.
සාමාන්‍යයෙන් ගෙදරක වත්තේ වැඩිපුරම තියෙන්නේ මල් නේ.
අපි මල් ගස් වැඩියෙන් වවන්නේ ඒ්වායෙ ලස්සන හින්දමයි හැබැයි සමහර ගස් වගේම මල් ජාති තියෙනවා ඔයාව දුකට පත් කරන.
ඒ්වා දුප්පත්කම, ලෙඩ රෝග, භූත දෝස, දියුණුවට බාධා කරනවා වගේම ඔයාගේ දරුවන්ට ද අනතුරු ඇති කරන බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්.
ඒ් වගේම තමයි මොනයම් හෝ ගසක් මිදුලේ හිටෙව්වත් ඒ්ක ගෙදර ප්‍රධාන උළුවස්සට ලම්භකව තියෙන්න හොද නෑ.
ගේ ඇතුලට හමා ගෙන එන සුළඟ බාධාවකින් තොරව ප්‍රධාන උළුවස්සෙන් ගෙට ඇතුළු වෙන්න පුළුවන් වෙන්න ඔින.
මේක වාස්තු විද්‍යා රීතියක්.
නමුත් නිවසේ උස වගේ දෙගුණයක් දුරින් මොන විදිහෙ ගසක් තිබුණත් ඒ්කට නම් මේ රීතිය අදාල වෙන්නේ නෑ.
දැන් කියන්න යන්නේ ගස් ,වැල් වර්ග පිහිටීම එක්ක ඔබට බලපාන විවිධ දෝශ ගැන විස්තරයක්.
අඹ, කොට්ටන්, උගුරැස්ස වගේ ගස් ඔබගේ මිදුලේ තිබුණ හොත් ඒවායෙ ගෙඩි හැදෙන කාලයට
රාත්‍රි කාලයේදී වවුලන්ද, දවල් කාලයේ කපුටන්, ලේනුන්, කුරුල්ලන් ආදී සතුන් කා දමන ලද හප වැටෙන්නේ ගෙමිදුලටය. මේ හේතුවෙන් නිවැසියන් දුප්පත්වීමට හේතු වෙනවා කියලා සඳහන් වෙනවා.
ඒ් වගේම තමයි මිදුලේ රුක්අත්තන, නුග, ගොරකා වගේ ලොකු ගසක් තිබුනොත් ඒවා මගින් මිදුල අන්දකාරවෙනවා.
ඒ්ත් ඒක්කම නිවස ඇතුලත අඳුරු බවක් ඇති වෙනවා.
මෙය භූත දෝසවලට අත වැනීමක්.
මේ හින්දා එම ගෙදරට භූත බලපෑම් ඇතිවෙන්න පුළුවන් ඒ් වගේම ගෙදර අයට රෝගාබාධ ඇති වෙන්නත් පුළුවන්.
ඒ් වගේම පරිසරයේ තියෙන සුබ තරංග රැසක් ගේ ඇතුළට ඇදුනොත් එමගින් ගෙදර ඉන්න අයගේ ජීවිත සමෘද්ධිමත් වෙනවා.
හැබැයි මේ විදිහට මිදුලේ ලොකු ගසක් තිබුනොත්, මේ සුබ තරංග නිවස තුළට යෑම අවහිර වෙනවා. මෙය තුළින් නිවැසියාගේ සමෘද්ධිය, දියුණුවට බාදා වෙනවා.
අඹ, ජම්බු වැනි අධික ඵල දරන ගස් ගෙමිදුලට කෙහොමත් අසුබයි.
වැටකේ, ගෙමිදුලට සුබයි. කොස් ගහත් කිරි වෘක්ෂයක් නිසා ඕනෑම දිසාවකට හොඳයි.
මල් වර්ග අතරින් කොබෝනීල, සුදු කටරොලු, දෑසමන්, ඉද්ද, සේපාලිකා තද කහ පාට මල් පිපෙන ශාක රතු පාට මල් පිපෙන ශාක නිවස ඉදිරිපිටට අසුබයි.
වෙනත් පැත්තක තිබුණට නම් වරදක් නෑ.
ඒ් වගේම ඔබේ හිතවත් සහෝදර සහෝදරාදීන්ට , යහලු මිත්‍ර ආදීන්ට සහෝදරත්වය වගේම මිත්‍රත්වය තහවුරු කර ගන්න මල් පැළ පලතුරු ගස් ආදී නොයෙක් ගස් වර්ග තෑගි දෙනවා ඇති හැබැයි මෙන්න මේ තැන් වලින් ගත්ත ගස් හෝ මල් ඒ් සඳහා යොදා ගන්න එපා කියලා පැරණි වාස්තු විද්‍යා පොත් වල තියෙනවා
ඒවා තමයි
1. ආගමික ස්ථාන ආදියෙන් ලබාගන්නා ගස් වර්ග, පැළ වර්ග
2. සුසාන භූමි ආදියෙන්
3. හුඹස් උඩින්
4. පාරවල් අයිනෙන්
5. රෝගී පුද්ගලයන් පරිත්‍යාග කරන ගස්
මෙහෙම ලැබෙන ඒ්වා ගෙදර මිදුලෙ වවනන් සුබ නෑ කියලයි පැරණි වස්තු පොත් වල කියල තියෙන්නේ.
සමහර විට ඔයාගේ ගෙවත්තේ ඉබේටම වාගේ ගස් පැලවෙන්න පුළුවන්.
එහෙම වෙන්නේ කුරුල්ලෝ වගේ සතුන්ගේ මාර්ගයෙන්.
කාලයක් යද්දි මේවා විශාල ගස් බවට පරිවර්තනය වුනාම සමහර විට මෙම ගස් පිහිටල තියෙන දිසාව සුබ හරි අසුබ හරි වෙන්න පුළුවන්.
හැබැයි ඔයාගේ ගෙමිදුලේ අසුබ යැයි සම්මත ගස් තියෙනවනම්, ඒවා කපා ඉවත් කිරීමට ඉක්මන් වෙන්න එපා.ගස් කොළන් කියන්නේ පරිසරයට විශාල මෙහෙවරක් ඉටුකරන ජීවී සාධකයක්.
ඒ් නිසා ඒ් ගස් නිකරුනේ කපා නොදමා ඔයාට වගේම පරිසරයටත් සුබ වෙන්න අන්න ඒ් විදිහට පිහිටලා තියෙන අසුබ ගස් ලගින් අශෝකා, කොහොඹ, මූණමල්, කොස්, බෙලි පොල් ආදී ගස් වර්ගයක් හිටෙව්වොත් දෝස සම්පූර්ණයෙන්ම මගහැරෙන බව වාස්තු ශාස්ත්‍රයේ සඳහන් වෙනවා.
බලන්න අපි ඒ් තරම් හිතන්නෙ නැති වුණාට ගෙදර වත්තේ,මිදුලෙ පිහිටන. හැදෙන,වැවෙන හැම ගහක්,මලක් ම අපේ ජීව්ත වලට කොයිතරම් නම් බලපෑම් කරනවාද කියලා.
ගස් වැල් මල් නැතින අපට ජීවත් වෙන්න කොහාමත් අමාරුයි .
ඒ් හින්දා වාස්තු විද්‍යාවට අනුව අපේ ජිවිත වලට සතුට සෞභාග්‍යය ලගා කරගන්න අවශ්‍ය විදිහට ගස් වැල් මල් ඔබේ මිදුලෙ නිසි පරිදි සිටුවලා සොබා දහම සමඟ වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති.
මේ දැනුම ඔබේ හිතවතුන්ට බෙදලා දෙන්නත් අමතක කරන්න එපා.
නැවත දවසක මේ වගේ වැදගත් විස්තරයක් එක්ක අපි මුණගැහෙමු.