අද අපි කියන්න යන්නේ බත්තරමුල්ලේ පිහිටලා තියෙන BADDAGANA WETLAND PARK එක ගැන. බත්තරමුල්ල කොයිතරම් ජනාකීර්ණ නගරයක් වුනත් මේ පාක් එගට ගියාමනම්...
අද අපි කියන්න යන්නේ බත්තරමුල්ලේ පිහිටලා තියෙන BADDAGANA WETLAND PARK එක ගැන. බත්තරමුල්ල කොයිතරම් ජනාකීර්ණ නගරයක් වුනත් මේ පාක් එගට ගියාමනම් මේ කොළඹද කියලා හිතාගන්න බැරිතරමට ලස්සනයි.
ලොකේ විවිධ රටවල තියෙන wetland park විදිහටම හදපු මේ park එක කළබලකාරී කොළඹ නගරයේ හදපු නිසංකලංක තැනක් මේක අතිශය සුන්දර විදිහට නිර්මාණය කරලා තියෙන්නේ පරිසරයට ගහට කොළට ආදරේ කරන අය වෙනුවෙන්. වගුරු බිම මත ගමන් කරන්න පුලුවන් විදිහේ මාවත් හදලා තියෙන මේ පාක් එක ඇත්තටම අලුත් අත්දැකීමක්. මෙහි ලංකාවට ආවේණික කුරුළු වර්ග රාශියක් වගේම සංචාරක පක්ෂීන් සමනල් විශේෂ සහ තාරාවුන් වගේ සත්තු බොහොදෙනෙක් නිදහසේ සැරිසරනවා. කුරුල්ලන්ට ,සමනලුන්ට, සංචාරක පක්ෂින්ට , තාරාවුන්ට වෙන් වෙන් විදිහට කලාප වෙන් කරලා මෙහිදී දැකගන්න පුලුවන්.
ඒ වගේම මේ උද්යානය හාත්පස නරඹන්න වෙනමම නැරඹුම් ස්ථානයක් තියෙනවා. ඒක උඩට නැග්ගම මුළු පාක් එකම බලාගන්න පුළුවන්. උදෑසනට සහ හවස්වරැව ඉර බැසයන වෙලාවට ඇත්තටම හරිම ලස්සනයි. කොළඹ ඉන්න කෙනෙක්ට පරිසරය විදින්න ඇවිදයන්න මෙතන කදිම තෝතැන්නක්.
ඡායාරෑප අන්තර්ජාලය ඇසුරෙනි.