විනෝදයට වගේම සංචාරයටත් කැමති ඔබට එක දවසකින් ගිහින් එන් පුළුවන් ස්ථාන 8ක් ගැනයි මේ කියන්න යන්නේ. කොළඹ නගරයට ඉතාම් කිට්ටුවෙන් පිහිටා ඇති ම...
විනෝදයට වගේම සංචාරයටත් කැමති ඔබට එක දවසකින් ගිහින් එන් පුළුවන් ස්ථාන 8ක් ගැනයි මේ කියන්න යන්නේ. කොළඹ නගරයට ඉතාම් කිට්ටුවෙන් පිහිටා ඇති මෙම සුන්දර ස්ථාන දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පුමාණයක් මෙම ස්ථානයන්ට යනවා. ඒත් ඒ විදිහට එක දවසෙන් ගිහිල්ලා විනෝද වෙලා එන්න පුළුවන් එම ස්න්දර ස්ථාන කිහිපය පහතින්…
දුනු මානා ඇල්ල-අල්ගම
දේවින් පැන්න ඇල්ල හා උඩුවක ඇල්ල නමිනුත් මේ ඇල්ල හඳුන්වනවා. බහුල වශයෙන් මෙම ස්ථානය ගැන සංචාරකයන්ගේ ඇස නොගැටුනත් කොළඹ අවට තිබෙන ඉතාමත් සුනදර දිය ඇල්ලක් ලෙස මෙය හඳුන්වන් පුළුවන්
දුම්බර කළු වල – ඉංගිරිය
ඉංගිරියේ සිට රත්නපුරය දෙසට කිලෝ මීටර් පහක් පමණ යනවිට හමුවන පත්තිනි දේවාලය ළගින් දකුණු දෙසට හැරී ගමන් කිරීමෙන් මෙම සුන්දර ස්ථානයට ළගාවිය හැකියි.
මිරිස්ස වෙරළ – මාතර
මුහුදේ නාන්න කැමති අයට නම් මිරිස්ස මුහුදු තීරය ඉතාමත් සුදුසු ස්ථානයක්. මෙහි පවතින සුවිෂේශී භූ විෂමතා ලක්ෂණ සහ නොගැඹුරු මුහුදු තීරය නිසා සංචාරකයන් විශෘල පුමාණයක් මෙම ස්ථානය නැරඹීම සදහා මෙහි පැම්ණෙනවා. ඒ තර විදේශීය සංචාරකයන්ද බහුල වශයෙන් පැමිණෙනවා.
Brief Garden – අලුත්ගම
ශ්‍රී ලංකාවේ පවතින අලංකාරම ගෙවත්තක් ලෙස මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. සුප්‍රසිද්ධ ගෘහ නර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි භාවාගේ සොහොයුරාවන බෙවිස් භාවා අතින් මෙම අපුරු ස්ථානය නිර්මාණය වෙලා තියෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ පිහිටි තෙවෙනි විශාලම මල් උයන ලෙසත් හඳුන්වනවා.
මාළගා ගල – දඹදෙණිය
කන්දක් නගින් කැමති අයට යන්න තියෙන ලස්සන තැනක් තමයි මාළිගා ගල කියන්නේ..දඹදෙණි රාජධානිය පැවත් සමයේ රජවරු මාලිගා තනා ඇත්තේ මේ ගල් පර්වතය මත බවටයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. සංචාරයට වගේම ඉතාහාස ගවේශකයන්ටත් මේ ස්ථානය ඉතාම වටිනා ස්ථානයක්.
රූමස්සල – ගාල්ල
ගාල්ල නගරය ආසන්නයේම පිහිටා ඇති මෙම සුන්දර ස්ථානය නරඹනන යන්න නම් අමතක කරන්න එපා. රූමස්සල යන ඔබට එහි දී නැඹිය හැකි තවත් ස්ථානයක් තමයි Jungle Beach එක. නාන්න වගේම විනෝද වෙන්නත් කියාපුම තැනක් තමයි මේ.
තෙත්බිම් උද්‍යානය – බැද්දගාන
කොළඹ නගරය ආසන්නයේම පිහිටි මෙම සුන්දර ස්ථානයට ඉතාමත් පහසුවෙන්ම ළගා වෙන්න පුළුවන්.
Water rafting – කිතුල්ගල
ත්‍රාස්‍යජතක අත්දැකීම් ලබන්න කැමති අයට යන්න තියෙන හොඳම තැනක් තමයි මෙම ස්ථානය.