ලෝකය කියන්නේ හැම මොහොතෙම වෙනස් වෙන හරි අපූරු තැනක් ස්භාවධර්මයේ වගේම මිනිසා විසින් ගොඩනගන කෘතිම ලෝකයෙත් මේ වෙනස්කම් සිද්ධ වෙනවා. තාක්ෂණය එක...
ලෝකය කියන්නේ හැම මොහොතෙම වෙනස් වෙන හරි අපූරු තැනක්
ස්භාවධර්මයේ වගේම මිනිසා විසින් ගොඩනගන කෘතිම ලෝකයෙත් මේ වෙනස්කම් සිද්ධ වෙනවා.
තාක්ෂණය එක්ක ලෝකය ඉතා වේගයෙන් මේ වෙනස් වීම් වලට පරිවර්තනය වෙනවා.
මීට අවුරුදු 250 කට කලින් සිද්ධවුන කාර්මික විප්ලපයේ ප්‍රථිපල විදිහට අද අපි තාක්ෂණයේ අති ප්‍රබල අත්දැකීම් විඳිමින් ඉන්නවා.
මේ විදිහට ගියොත් අනාගතය කොයි වගේ වේවිද
අනාගතයේ මොව වගේ දේවල් භාවිතා වෙයිද
අද අපි ගතකරන අත් දකින දේ මොන විදිහට වෙනස් වෙයිද
මෙන්න මේ ගැන ලෝකයම කලබමින් නිකුත් කරපු අනාවැකියක් ගැන අද අපි කියන්න යන්නේ
මොකක්ද මේ අද කියන්න හදන්නේ
අද අපි කියන්නේ තව අවුරුදු 50 කින් එලබෙන අද වගේ දවසක පොලොව යට ඉදිවන ඇස් විශ්වාස නොකරන අරුම පුදුම ස්මාර්ට් ලෝකය ගැන.
ඒ් අනුව තව අවුරුදු 50 කින් ගොඩනැගෙන ලෝකය ගැන ලොව ප්‍රබල තාක්ෂණික සමාගම් කිහිපයක් දැඩි අවධානයෙන් පසුවෙනවා.
ඉදිරි වසර 50 ගොඩනැගෙන ලෝකය ගැන අපූරු වාර්තාවක් මේ සමාගම් විසින් ගොඩනගලා තියෙනවා.
මේ වාර්තාව බොහෝ දුරට අනාගත ලෝකයට සමාන වනු ඇති බව මේ පිළිබඳව උනන්දු බොහෝ පාර්ශව සඳහන් කරනවා.
ඔයා මෙච්චර දවස් විවිධ චිත්‍රපට වල දුටු ඒ් අපූරු ස්මාට් ලෝකය මේ තුල බිහිවෙනවා දක්න්න අවස්ථාව ඉදිරියේදී උදාවේවි.
මේ වාර්තාව නම් කරලා තියෙන්නේ අනාගතයට හෙළන බැල්මක් කියලා
මේ තුල නාගරික සංවර්ධනය,නිවාස සංවර්ධනය ,ප්‍රවාහන ව්තරක් නෙමෙයි සෞඛ්‍ය අංශ වල සිදුවන ඇස් අදහාගත නොහැකි සංවර්ධනයක් ගැන සදහන් වෙනවා.
මේ කෙ විශේෂත්වය තමයි මේ හැම දේම පොලොව ය යට ඉදිවන වෙනම ලෝකයක නිර්මාණය වීම.
අපි දැන් බලමු අනාගතයට හෙලන බැල්ම වාර්තාවේ විස්තර කෙරෙන අපූරු ලෝකය ගැන.
*******
ශබ්දයේ වේගයෙන් ගමන් කල හැකි අධිවේගී මාර්ග
අධිවේගී මාර්ග අත්දැකීම් නම් අපි අත්විඳින්න අරන් දැන් අවුරුදු 10 ක් වගේ වෙන්නේ
පැයට කිලෝමීටර් 100 ක වේගයේ අත්දැකිම අපිට දැන් සාමන්‍ය වෙලා
ඒ්ත් මුල්ම කාලේ මේ වේගයෙන් ගමන් කරහම ඒ්ක ලොකු අත්දැකීමක් වුනා
මතකද ඒ දවස්වල ගොඩාක් අය වාහනේ ස්පීඩ් මීටරේ පිංතූර හරි හරියට ෆේස් බුක් එකේ අප්ඩේට් කලා.
එහෙව් අපිට මේ අධිවේගී අත්දැකීම නම් වාව් එකක් වනවා ස්ථිරයි
වාර්තාවේ හැටියට ශබ්දයේ වේගයට ටිකක් විතර අඩු වේගයෙන් මේ අධිවේගී මාර්ගයේ ගමන් කරන්න පුළුවන්.
වතුර යටින් ඉදිවෙන නල මාර්ගයක් ඔස්සේ තමයි මේ ගමන් මග වැටිලා තියෙන්නේ.
මේ වාර්තාවේ විස්තර කරන විදියට මේ දිය යට ඉදිදිවන අධිවේගී මාර්ගයෙන් බ්‍රිතාන්‍යයේ ඉදලා ස්කැන්ඩිනේවියාවට පැයකට අඩු කාලයකින් කෙනෙකුට ගමන් කරන්න පුළුවන්
බ්‍රිතාන්‍යයේ ඉදලා ස්කැන්ඩිනේවියාවට දුර කිලෝ මීටර් 1129 ක්.
දැන් පේනවා නේද තව අවුරදු 50 කින් ලෝකෙ මිනිස්සු ගමන් කරන වේගය.
අහස උසට ඉදිවන භූගත මන්දිර
අද වෙද්දි කොළඹ නගරයේ සංචාරය කරන අපිට නෙළුම් කුළුණ ඇතුළුව විවිධ හැඩවලින් නිර්මාණය වුන ගොඩනැඟිලි දකින්න පුළුවන්.
මේවා අපට සුවිසල් නිර්මාණ විදියට දකින්න පුළුවන්.
හැබැයි මේ වර්තාවෙන් පෙන්වල දෙන විදියට අනාගතයේ ඉදිවෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් අපූරු ගොඩනැගිලි
මේ ගොඩනැගිලි උඩට විතරක් නෙමෙයි පොලව යටටත් තට්ටු විදිහට පැතිරෙනවා
ඒ් විදිහට පොලොව යටටක් උඩටත් විශාල තට්ටු ගණනක් එකක් නිර්මාණය වන මේවා විශාල මැඳුරු විදියට තමයි හඳුන්වන්නේ.
මේ හැම ගොඩනැගිල්ලක්ම පොලොවෙන් ඇතිවන භූකම්පන වලට වගේම විවිධ ස්භාවික උවදුරු වලට ඔරොත්තු දෙන විදියට නිර්මානය වෙනවා කියලා සදහන් වෙනවා.
අභ්‍යාවකාශයේ පාවෙන හෝටල්
මේ අත්දැකීම නම් ලෝකෙ බොහෝ දෙනෙක්ට අතිශය විශමය ජනක වන බව මේවාර්තාව සකස් කල සමාගම් සඳහන් කරනවා.
අදටත් බොහෝ දෙනා පොලොවෙන් ගොඩාක් ඉහල ගොඩනැගිලි වල ඉදන් අහාර පාන ගන්න
උත්සව පවත්වන්න කැමැත්තක් දක්වනවා
ඉතිං තව අවුරුදු 50 කින් අද වගේ දවසක ජීවත් වුනොත් ඔන්න අවස්ථාව තියෙනවා අභ්‍යාවකාහයේ ඉදන් හෝටල් අත්දැකීම විඳින්න
ඒ් අනුව තමන්ගේම ගුරුත්වාකර්ෂනය උපදවා ගන්න හද හෝ වෙනත් ග්‍රහලෝකයක නැත්නම් ග්‍රහලෝක කක්ෂයක මේ හෝටල් ගමන් කරනවා.
මේවා විහේෂයෙන්ම සකස් කරන්නේ නිවාඩු ගත කරන්න.
ඔන්න අනාගතේ දවසක හෝටල් බුක් කරන්න වෙන්නේ අපේ ලෝකයේ නොමයි අපිට පිටින් තියෙන ලෝක වල
දැනටත් hotel sun and moon
Hotel blue moon , full moon garden වගේ විවිධ නම් තියෙන හොටෙල් වලට ගොඩක් අය honey moon යනවනේ
මේ වර්තාවේ හැටියට අපිට ඇත්තටම හඳේ තියෙන හෝටලේක අත්දැකිම ගන්න නම් වැඩි කාලයක් යන්නේ නෑ.
ඉබේම පිරිසිදු වන ගෙවල්
අපි ජීවත්වන ගෙදර ගැන හිතද්දි අපිට තියෙන ලොකුම කරදරයක් තමා ගෙදර ෙ පිරිසිදුව තියාගන්න එක
වැඩ වැඩිකම නිසාම මේක ලොකු හිසරදයක් වෙලා
මේ ගැන දැනිලමද කොහෙද හරියටම තව අවුරුදු 50 කින් අපි ජීවත්වන ගෙදර
අපි ගෙදර නැති වෙලාවකට හරි නැත්නම් අපි නිදාගෙන ඉන්න කොට ඉබේම පිරිසිදු වෙන ක්‍රමයක් නිර්මාණය වෙනවා.
ගෙදර වැඩට සේවකයන්
එක එක උපකරණ ගොඩගහගෙන දාඩිය පෙරාගෙන දඟලන්න ඔ්න නෑ
බොත්තමක් ඔබලා තිබ්බහම ඒ් වැඩේ ඉබේම සිද්ධ වෙනවා.
අහනකොටත් ආසයි නේද මේවා අත්විඳින්න.
ඉවර නෑ
තව තියෙනවා අදහගන්න බැරි දේවල් ගොඩාක්
ඉගිලෙන බස් හා ටැක්සි
මේක නම් අපිට යම් තාක් දුරකට අත්දැකීම් තියෙනවානේ
මොකද අද ගොඩාක් බස් ඉගිලෙන්න නේ හදන්නේ
මේ හින්දාම හැමදාමත් අනතුරු
හැබැයි මේ ක්‍රමය ඒ් වගේ අනතුරු දායක දෙයක් නෙමේ
මේ ගැන දැනටමත් ලෝක ප්‍රසිද්ධ ටැක්සි සමාගමක් අත්හදා බැලිම් කරනවා.
ඒ් නිසා මේ අත්දැකිම නම් අවුරුදු 50 කට කලින් බුක්ති විඳින්න පුළුවන්
මේ කට අනුව අපිට ගමනක් යන්න ඔ්න නම් ඉගිලෙන ටැක්සියක් නැත්නම් Drone Copter එකකට ගේ ලඟින්ම ගොඩ වෙන්න පුළුවන්
ඊට පස්සේ ඒ ටැක්සි එක අනික් වාහන වලට ඉහලින් ඉක්මනින් අපි ව ගමනාන්තයට අරන් යනවා.
වැදගත්ම දේ මේවා නියමුවන් රහිත ඒ්වා
ඒ් නිසා නිදහස සහ පුද්ගලිකත්වයත් හොඳින් ආරක්ෂා වෙනවා.
මොහෙම යනකොට අවශ්‍යම වෙන තව දෙයක් ගැනත් මේ වර්තාවේ විස්තර කරනවා
ඒ් තමා කෑම
Insect Burger Shop
මෙන්න මේවා අපි යන එන පාරේ දෙපස අනාගතයේ තියෙනවා
අහද්දි ටිකක් අප්‍රසන්න වුනත් මිනිස්සුන්ගේ ඉතිහාසය බැලුවහම මේක ඒ් තරම් දෙයක් නෙමෙයි
අපේ දිවට අනුව මේ කඩේ නම කෘමි බර්ගර් කඩය
මේවායේ අධික ප්‍රෝටීන් සහිත කෘමින් යොදා ගනෙ සකස් කරන බර්ගර් විකුණනවා.
මේවා ටැක්සි එකේ යන ගමන් වගේම ගෙදර ගිහින් කන්න අරන් යන්නත් පුළුවන්.
දැනටත් පාවිච්චි කරන Drive through ක්‍රමයට තමයි මේ බර්ගර් ෂොප් නිර්මාණය වෙන්නේ.
අහසේ පැවැත්වෙන ක්‍රීඩා තරඟ
ක්විඩ්ම් ගනයේ තරඟ විදිහට මේවා හඳුන්වනවා
මේ මේකෙදි අහසේ පාවෙන සුවිශාල පුවරු නැත්නම් බෝඩ් මත ක්‍රිඩා කරන අය ඉන්නවා
ඒ් අය ක්‍රීඩා කරද්දි අපිට පුළුවන් යන එන ගමන් මේවා අයව දිරිමත් කරන්න
ඒ් අයට චියර් කරන්න
හැම විදියකම ක්‍රීඩා මේ විදියට පවත්වනවා කියලෙ තමයි වාර්තවේ පෙන්නලා දෙන්නේ
අහසට ලග නිසා අවුවෙන් වැස්සෙන ආවරණය වෙන්න ක්‍රමයකුත් මේකෙ තියෙනවලු.
මේ ඔක්කොම විදිහට වෙනස් වෙද්දි අපිත් වෙනස් වෙන්න් ඔ්න නේ
මේ වාර්තාවේ හැටියට මිනිස්සුනිගෙත් සුවිශාල වෙනස්කම් ටිකක් වෙනවා
මේවා ඇහුවහම ඔයාලා පුදුමත් වේවි
ත්‍රිමාන මුද්‍රිත ශරීර අවයව
දැනට අප ඇගේ කොටසක් අඩපන වුනොත් අපි කාගෙන් හරි ඉල්ල ගන්න ඔ්න නේ.
ඒ්කටත් කැමති දානපතියෙක් ඉන්න ඔින
ඉතව අවුරුදු 50 කින් එහෙම නෑ.
ඉන්ද්‍රියක් වෙනුවට ඔින කරන ආදේශයක්,බද්ධ කරන්න ඔ්න කරන අවයවයක් නැත්නම් අමතර අවයවයක්
අපට ඔින නම් ත්‍රිමාන මුද්‍රිත අවයව ක්‍රමය මගින් මිලදී ගන්න පුළුවන්
ඒ් කියන්නේ දෑන් තියෙන වාහන පාට්ස් කඩ වගේ තව අවුරදු 50 කින් අපේ ඇඟේ කෑලි අපිම විකුණන කාලයක් එනවා
පේනවා නේද ලෝකෙ දියුණුව
ඒ් විතරක් නෙමෙයි
අපේ ඇඟේ වෙන පුංචි වෙනසත් පවා මොනිටර් කරන
සෞඛ්‍ය තත්වය ගැන නිරන්තරයෙන් ජීවිත කාලයෙම අවධානයෙන් ඉන්න ඔිනෑම භාෂාවකින් කතා කිරීමේ හැකියාවක් තියෙන උපකරණයක් බිහිවෙන්න තියෙනවා.
මේක අපේ ඇඟට බද්ධ කරලා තියෙන්නේ
මොනවා හරි ඇඟේ අසනීපයක් ඇති වෙනවා නම් ඒ් ගැන දැනුම් දෙනවා
ඒ් වගේම තනියම ඉන්න වෙලාවට කරදරයක් වුනොත් ඔයාගේ පවුලේ වෛද්‍යය වරයාව හෝ රෝහල සම්බන්ධකරලා දෙන්නත් මේකට පුළුවන්.
පේනවාද අනාගතේ අපේ ජීවිතවල සිද්ධ වෙන වෙනස් කම් ට
2070 වෙද්දි ලෝකය මෙන් මේ පෙරලියට පරිවර්තනය වෙනවා ස්ථිරයි.
මේ වාර්තාව සකස්කල ලෝක ප්‍රකට සැම්සුන් සමාගම ඇතුළු සමාගම්එ එකතුව මේ ගැන බ්‍රිතාන්‍යයේ ජනතාවගෙන් කැමැත්ත අහල තියෙනවා
ඒ්කෙදි සියයට හැට තුනක්ම වැඩිපුරුම කැමති වෙලා තියෙන්නේ ඉබේ පිරිසිදු වෙන ගෙවල් කියන ක්‍රමයට
දෙවැනියට වැඩිම පිරිසක් කැමති වෙලා තියෙන්නේ ශරීර සෞඛ්‍ය නිරීක්ෂණය කියන ක්‍රමයට
තැන්වැනුව කැමති වෙලා තියෙන්නේ පියාඔන පීරිසි හා ටැක්ස් වලට
සමාගම කියන විදිහට මිනිස්සුන්ගේ හැසිරීම් සහ සිතුවිලි ගැන වසර ගැනක් කරපු අධ්‍යන එකක් තමායි මේ අනාගත ලෝකය නිර්මාණය වෙන්නේ.
තව අවරුදු 50 කින් අපි හිටියත් නැතත්
ඒ් අත්දැකීම් ඔන්න විශ්ව කර්ම අපි ඔයාලට යම් ප්‍රමාණයකට හරි ලංකරලා දුන්නා.
සිංදුවක් තියෙන්නේ
අහසෙත් නැත පොලොවෙත් නැත සැඟවෙන්නට තැනක් කියලා
හැබැයි අනාගතයේදි නම් අහසේ වගේම පොලොවෙත් හැංගෙන්න තැන් බෙහොමයක් ඇති වේවි.
මේ වගේ තවත් විශ්මිත අත්දැකීමක විස්තර එක්ක මුණ ගැහෙමු.