අපි ඉපදුනු මොහොතේ ඉදන් මැරෙන මෙහොත වෙන කල් කරන කියන හැම දේකම ගැලපීමක් හොයනවා. අපි ඉපදෙන්නෙම අපි කරපු පිං පවු අනුව අපිට ගැලපෙන තැනක ඊට ...
අපි ඉපදුනු මොහොතේ ඉදන් මැරෙන මෙහොත වෙන කල්
කරන කියන හැම දේකම ගැලපීමක් හොයනවා.
අපි ඉපදෙන්නෙම අපි කරපු පිං පවු අනුව අපිට ගැලපෙන තැනක
ඊට පස්සේ වෙන හැම දේමක් එහෙමමයි
ඉගෙන ගන්න යන්නේ අපිට ගැලපෙන තැනකට
ගෙයක් දොරක් හදන්න යන්නේ අපිට ගැලපෙන තැනක
රස්සාවක් කරන්න යන්නෙත් අපිට ගැලපෙන තැනක
මේ හැමදේම අස්සේ අපි අපේ ජීවිතයට වැදගත්ම දේත් හොයන්නේ ගලපගැනීම එක්ක
ඒ් තමා විවාහය ආදරය
අද වෙද්දි මේ දේ බොහොම සරල දෙයක් බවට පත්වුණාට විවාහ ගැලපීම කියන්නේම කෙනෙක් ගේ ජීවිතයම තීරණය වන වැදගත් හැරවුම් ලක්ෂයක්
කෙනෙක් ව දැක්ක ගමන්
නැත්නම් හමුවෙලා කතා කරලා
කාලයක් ආශ්‍රය කරලා
මේ කොයි විදිහට ඔයාගේ ජීවිතේ සහකරු හෝ සහකාරිය හොයා ගත්තත් මෙන්න මේ කියන්න හදන විස්තර ටික ඔයාගේ ජීවිතේ උඩු යටි කුරු කරනවා සත්තයි.
අපි දැන් බලමු කොහොමද රූපෙට,ආදරයට වත්පොහෙසත්කම් වලට එහා ගිහින් ඔයාගේ අනාගත සහකරුවාව සහකාරියව තොරගන්නේ කියලා.
මේකෙදි ඔයාගේ අවධානයට යොමු කරන කාරනා ගොඩක් තියෙනවා
එකක් තමා ඒ් කෙනාගේ ගති ගුණ
අපි කතාවටත් කියනවානෙ කාල බලලවත් සමහර අය තේරුම් ගන්න අමාරුයි කියලා
ඒ් වුනාට විවිහයකදි එහෙම බැහැනෙ
අපි කැමති අපි හොයන අපි ආස විශේෂයෙන්ම අපේ අදහස් වලට ගැලපෙන කෙනෙක් ඔින අපි හොයා ගන්න
විශේෂයෙන්ම අද සමාජයේ ගොඩාක් ප්‍රශ්ණ වලට හේතුව ලිංගිකත්වය සම්බන්ධ හැඟිම් ගැන තියෙන අනවබෝධය.
ගොඩාක් අය මේ ගැන කතාකරන්න ලැජ්ජයි
හැබැයි මේ දේවල් හරියට අවබෝධ කර නොගත්තතොත් සමාජය හමුවේ ඊටත් වඩා ලැජ්ජාවට පත් වෙන්න පුළුවන්
මේ නිසා මේ හැමදේ ගැනම අපි විවෘතව කතා කරනවා වගේම පෙන්නලා දෙනවා
ඒ් නිසා මග නොහැර හැම දේම හොදට අහගන්න.
අපි මේ කියන්න හදන්නේ
ඔයා උපන් වෙලාව අනුව ඔයාට උරුම වුන ඔයාගේ ලග්නයට අනුව
විවාහ වෙන්න සුදුසුම කෙනා හොයාගන්න විදිහ
එහෙම කිව්වාහම ටිකක් විතර අමුත්තක් දැනුනනම් ඒ් හැමදේම විඩියෝ එක අවසාන වෙද්දි නැති වෙලා යාවී
*************
මුලින්ම කියන්න හදන්නේ මේෂ ලග්න හිමි අය ගැන
මේෂ කියන්නේම සාමාන්‍යයෙන් හඹා යාමේ ගතිගුණයක් තියෙන ලග්නයක්.
ඉතිං ඒ් අය තමන්ගේ ඉලක්ක වෙත හඔායෑම සිදුකරනවා උපතින්ම.
තමන්ට අවශ්‍ය දෙයක් පස්සේ ලූහු බැඳීමටත් වඩාත් ප්‍රියතාවයක් දක්වනවා
මේ අය පිරිසිදූ ගතිපැවතුම්වලින් යුක්ත වනවා
ඒ් වගේම දුටුවන් ආකර්ෂණය කරගන්නා රූපයක් වගේම , මනා පෞරුෂත්වයක් තියෙනවා.
මේ අය කලාවට ගොඩාක් ළැදි,
විනෝද කටයුතු වලට ප්‍රියකරනවා , විනෝදවෙන්න වැඩිපුර මුදල් වැය කරන එක මෙයාලට උපතින්ම එන නරක පුරුද්දක්
මොනව වුනත් ජීවිත කාලෙ ඉතාමත් සතුටින් ඉන්න කෙනෙක්
දැන් කියන්නම් ඔයා විවාහ කරගන්න යන කෙනා මේෂ ලග්නෙ නම් එයාලව තමන්ගෙ කරගත්තොත් ලැබෙන ප්‍රතිපල ගැන.
පවුලේ දියුණුවට අතහිත දෙන කොනෙක්
සමාජ සේවයට ගොඩාක් ඉදිරිපත් වෙනවා.
අනුන්ගේ දුකේදි පිහිට වන උසස් මනුශ්‍ය ගතිගුණ තියෙන කෙනෙක් මේ .
රජයේ වගේම පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන උරුමකම් තියෙන කෙනෙක්
ඒ් වගේම මේ මේෂ ලග්නෙ කෙනෙක් විවාහ කරගත්තොත් ඔයාගේ ජීවිතේ හරිම ආදාරනිය වෙනවා
මේ අය අනෙක් අය සමඟ තම අදහස් හුවමාරු කර ගැනීමට කැමැත්තක් දක්වනවා
මේ නිසා හැමදේම කතා බහ කරලා විසඳගන්න පුළුවන්.
ඒ් වගේම එයා ඔයාට ගොඩාක් ආදරෙන් ජීවත්වේවි.
ජෝත්‍ෂ්‍යය අනුව මේ අය එක්ක විවාහ වෙන්න හොඳටම ගැලපෙන්නේ මෙන්න මේ ලග්න වලින් උපන් අය.
බලන්න මෙතන ඔයාගේ ලග්නෙ තියෙනවාද කියලා
තුලා , මිථුන , සිංහ , ධනු
මේ ලග්න වලින් ඉපදුනු අයට ගොඩාක් ගැලපෙනවා මේෂ ලග්න හිමි කෙනෙක්ව විවාහ කරගත්තොත්.
*************
මේ කියන්න යන්නේ වෘෂභ ලග්නය ගැන.
මේ අය කඩිසර ස්‌වභාවයකින් යුතුව කටයුතු කරනවා.
ඒ් වගේම තීක්‍ෂණ බුද්ධියකින් ද යුක්‌තය.
කර්මාන්තයක් ව්‍යාපාරයක් කරලා දියුණුවෙන්න දක්‍ෂතාවයක් තිවෙනවා.
ජලයට ප්‍රියකරනවා වගේම ඇවිදින්න සංචාරය කරන්න ගොඩාක් කැමතියි
කවදාවත් විරුද්ධකරයන් ඉදිරියේ දණින් වැටෙන්නේ නෑ.
මේ අය තම ආදර වන්තයා හෝ ආදර වන්තිය සමඟ ලිංගික ඇසුරු කරන අවස්ථා වලදී ඉතා සංවේදී ලෙස හැසිරෙනවා
විවිධ සුවඳ විලවුන් වර්ග පාවිච්චි කිරීම ,
අලංකාර ලෙස සිටීම විතරක් නෙමෙයි ,
මොවුන්ගේ ජීවිතයේ පවුල සදහා මූලිකත්වය ලබා දෙනවා වගේම බිරිඳ හෝ ස්වාමියා ඇතුළු පවුල පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙනවා.
හැ ගීම් ගැන සඳහන් කරනවා නම්
ස්පර්ශයන් මගින්ද මේ අය හැඟීම් එක්ක ගණුදෙනු කරනවා.
ඒ් විතරක් නෙමෙයි මේ අය තම සහකරු හෝ සහකාරිය ගැන ඉතා හොඳින් සොයා බලනවා.
වෘෂභ ලග්න හිමි අය එක්ක විවාහ වෙන්න ජෝතීෂ්‍යය නියමයට අනුව නම් ගැලපෙන්නේ .
වෘශ්චික , කටක , කන්‍යා , මීන කියන ලග්න හිමියන්.
*************
අපි බලමු මිථුන ලග්නය හිමි අය ගැන
මේ අය රන්වන් පැහැයට හුරු කඩවසම් සිරුරකින් යුත් සහකරුවකු හරි
ඉතාම ලස්සන සහකාරියක් ලැබීමට වාසනාවන්තයි.
උසස් ගතිපැවතුම්වලින් පරිපූණයි
මහජන ප්‍රසාදය ලබන, ශාස්‌ත්‍රීය කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලබන්නත් මෙයාලට හැකියාව තියෙනවා.
පරිපාලන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ද මනා දැනුමක් තියෙනවා.
මේ නිසාම උසස් ආර්ථික මට්‌ටමක් හිමිකරගෙන ඒ් කියන්නේ හොඳට සල්ලි බාගෙ තියෙන සැපවත් ජීවිතයක් ගතකරන්න පුළුවන්.
මේ අය ගොඩාක් නම්‍යශීලී ඒ් වගේම මිත්‍රශීලීයි කිසිම විදියකට බොරුවකට අවස්ථාවක් ලැබෙන්නෑ.
ඒ වගේම අනිත් කොනාගෙන් වැරැද්දක් වුනොත් ඒ් වෙනුවෙන් සමාව දෙන්න තරම් නිහතමනී වෙනවා
මේ නිසාම මේ අය අතර අඩදබර කම් නැති තරම්.
මේ අය ලබන සහකරු හෝ සහකාරියත් ගොඩක් වාසානාවන්තයි.
මේ අයගේ භෞතික තත්වයන් එහෙම වෙද්ද්
දැන් කියන්න හදන්නේ විවාහයකදි බලපාන මානසික තත්වයන් ගැන.
මිථුන ලග්න හිමි අය ඉතාමත් විවෘත මනසක් ඇති අය
මෙයාලට නිරුවත සම්බන්දයෙන් කිසිම ගැටළුවක් නැහැ.
අනෙත් කොනාව තමා කෙරෙහි වශී කර තබා ගැනීමේ හැකියාව මේ අයට තියෙනවා.
ඒ් වගේම ගොඩාක් සෞන්දර්යාත්මක විදියට ලිංගික එක් වීම් සිදු කිරීමටත් මේ අය ගොඩාක් කැමතියි.
මේ අයට වඩාත් හොඳින් ගැලපෙන්නේ ධනු , තුලා , සිංහ , මිථුන , කුම්භ කියන ලග්න හිමියන්.
******************
කටක ලග්න හිමි අය ඉතා කැපවීමෙන් වැඩ කරලා දියුණුවක් උදාකර ගන්නා කැමති අය.
ටිකක් චංචලගති තියෙන මේ අයට දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න පුළුවන් ,
නිතරම අනෙත් පාර්ශවය සමග සහයෝගයෙන් කටයුතු කරනවා.
හැබැයි හොරකම් වංචා වගේ දේවල් කරන අයට මෙයා කැමති නැහැ.
ජීවිතේ සැප වගේම දුකත් සම සිතින් හිතන මෙයා කමන්ට වඩා තම සහකරු හෝ සහකාරිය ගැන හිතනවා.
සහජ බුද්ධියෙන්ම ගොඩාක් තර්කානුකූල නිසා ලෙහෙසියෙන් රවට්ටන්න බෑ වගේම වෙනත් කාන්තාවන් ඇසුරට කිසිම කැමැත්තක් නැහැ.
කොහොම වුනත් කටක කියන්නේ හැඟීීම් වලට සම්බන්ධ ලග්නයක්.
විශේෂයෙන්ම මේ අය ලිංගික එක්වීමකදී තම සහකරුහරි සහකාරිය සමඟ ඉතා ගැඹුරු සම්බන්දතාවයක් ගොඩනගා ගන්න ගොඩක් කැමතියි.
ජීවිතේ හැමදේම රිද්මයකට අනුකූලව කරන්න මේ අය ගොඩාක් උනන්දුයි.
කටක ලග්න හිමියන් තම සියළුම සංවේදනයන් ලිංගික සංසර්ගයේදී භාවිතා කරනු ලබයි. කොොහම වුනත් දරුවන් ලැබීම සම්බන්ධයෙන් ගැටළු මේ අය අතර තියෙන නිසා ඒ් ගැන අවශ්‍ය කටයුතු කලොත් ඉන් මග හැරෙන්නත් පුළුවන්.
වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මකර , වෘෂභ , සිංහ , මීන
*****************
දැන් බලමු සිංහ ලග්නෙ ගැන.
බාධක කම්කටොලු මැදින් ජීවිතයේ ඉදිරියට එන පිරිසක් වෙනවා.
කෘෂිකාර්මික කටයුතු, ව්‍යාපාරික කටයුතු වැනි ක්‍ෂේත්‍රවල නිරත කෙනෙක් සහකරු හෝ සහකාරිය විදිහට ලැබෙන්න වාසනාව තියෙනවා.
හැමවිටම කෙලින්ත තීන්දු තීරන ගන්න මේ අය විවාහ ජීවිතයේදී සාමාන්‍ය පුරුදු රටා වලින් වෙනස් වෙනවා.
බාහිරි ස්වරූපයට වඩා මෙයා සිතුවිලි වලින් ගොඩාක් වෙනස්
හරිම සෞම්‍ය සිතුවිලි තියෙනවා වගේම තමන්ගේ හැඟිම් සපල කර ගැනීමට ගෙඩාක් උනන්දුයි.
පවුල් ජීවිතයේදී ලිංගික තෘප්තිය ලබා දෙන්න ඔ්න කරන කාමාශාව, ශක්තිය සහ ජවය මේ අය අතර බොහොම ඉහලයි
මෙයාලගේ චරිතෙ තුළ ස්වභාවයෙන්ම විරුද්ධ ලිංගිකයා වෙත ආකර්ෂණය වීමේ ස්වභාවයක් තියෙන නිසා ආදරය කිරීමට වඩා ලිංගිකත්වයට වැඩි නැඹුරු කමක් දක්වනවා.
මේ නිසා යම් යම් ගැටළු ඇති වෙනනත් පුළුවන්
ලිංගිකව එක්වන අවස්ථාව මොවුන්ගේ ප්‍රභලතමභූමිකාව ලෙස හඳුනා ගෙන ඇති අතර තම සහකරු හෝ සහකාරිය සමඟ සෙල්ලක්කාර විදිහට ලිංගික තෘප්තිය ලබා ගැනීමට මේ අය ගොඩාක් කැමතියි.
මේ අයට වඩාත් හොඳින් ගැලපෙන්නේ – කුම්භ , වෘශ්චික , තුලා කියන ලග්න හිමියන්
***********
කන්‍යා ලග්නයේ අය උගත්කමින් යුක්‌තයි.
කරුණා, මෛත්‍රී වගේ උසස් ගුණාංගවලින් මේ අයගේ ජීවිතය පරිපූර්ණයි.
රජයේ උසස් තනතුරු දරන්න මේ අයට වාසන ගුණය තියෙනවා .
ශාස්‌ත්‍රීය කටයුතුවලට ගොඩාක් සම්බන්ධවෙනවා.
ඒ් වගේම පන්සලේ පල්ලියේ ආගමික වැඩවලටත් මේ අය ගොඩාක් උනන්දුයි.
දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සුහදතාවය තුළින් යුගදිවිය සාර්ථකව ගෙනියන්න මේ අයට පුළුවන්.
මේ අයට විවිහයෙන් පස්සේ විදේශ ගමන් හිමිවීමේ වාසනා ගුණයද සතුවෙනවා.
ආදරය ගැන කතා කරද්දි කන්‍යා ලග්න හිමියන් තමන්ගේ හැමදේම තම සහකරු හෝ සහකාරියට ලබා දීමට කටයුතු කරනවා.
මේ අය කලබල නෑ බොහොම සාමකාමීව තමා හැමදේ ම කරන්නේ
ලිංගික එක් වීමකදි ගොඩාක් සාමකාමී පරිසරයකට වඩාත් ආශා කරනවා.
ඒ් වගේම ඒ් හැමදේමත් පිළිවෙලට පිරිසිදුව කරන්න මේ අය වඩාත් කැමතියි
විශේෂයෙන්ම සහකරු හෝ සහකාරියගේ පිරිසිදුකම සනීපාරක්ෂාව ගැන මේ අය ගොඩාක් උනන්දුයි.
හැබැයි මේ හැමදේම ලැබෙන් නම් අනිත් පාර්ශවය මුලින්ම ඔවුන්ගේ පූර්ණ විශ්වාසය දිනා ගන්නම ඔින.
එහෙම වුනොත් තමයි මේ අය තමන්ගේ හැඟීම් නිදහස් කිරීම පටන්ගන්නේ.
ඒක උපරිම වින්දනයක කෙලවරට ගෙනියන්න එයා ටික කාලයක් ගන්නවා.
මේ අයට වඩාත් හොඳින් ගැලපෙන්නේ මීන , වෘෂභ , තුලා , කටක ලග්න හිමි අය කියලා ජොතිෂ්‍යයේ සඳහන් වෙනවා.
*************
තුලා ලග්නයෙ අය මොලෙන් වැඩ ගන්න අය.
ඔීනම දෙයක් හරි පිරිවෙලට විවාහ ජීවිතේදි ගලප ගන්නවා.
හොඳට ඇහුම්කම් දෙනවා.
අනිත් කෙනාට හැම අතින්ම හොද සහයක් දෙනවා.
ඔිනම දෙයක් විවෘතව කතා කරන්න කැමති.
විශේෂයෙන්ම දැනෙන හැගෙන හැමදේම එහෙමයි.
ළග හිටයත් දුරින් හිටයත් දැනෙන දේ අනිත් කෙනා එක්ක බෙදා ගන්න පුදුම කැමැත්තක් තියෙන්නනේ.
මේ හින්දා විවාහ වෙන්න ඉන්නේ තුලා ලග්න හිමියෙක් එක්ක නම් මේ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න.
එයා එක්ක නිතර කතා බහ කරන්න හැමදේ ගැනම.
මේ අය සිය යහන මතදී නිරන්තරයෙන්ම තම සහකරු හෝ සහකාරිය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට කැමතියි.
ඒ් මොහොතේ දැනෙන දේ අනිත් කෙනාගෙන් දැනගන්න ගොඩාක් කැමතියි.
ඒ් වගේම ඔහු හෝ ඇයව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමටත් මේ අය ලොකු ඇල්මක් දක්වනවා.
තවත් අපූරු දෙයක් තමයි ඇයගේ හෝ ඔහුගේ සතුට වෙනුවෙන් අවශ්‍ය පරිදි හැඩ ගැසීමටද මේ අය කැමැත්තක් දක්වනවා
වඩාත් හොඳින් ගැලපෙන්නේ මේෂ , මිථුන , සිංහ , කුම්භ ලග්න හිමි අය.
ඔයට මේ කතාව සම්බන්ධ නම් ඔන්න ආයෙ ආෙ බලලා හරි අනිත් කෙනා ගැන හොඳ අවබෝධයක් ගන්න.
එහෙම වුනහම ජීවිතේ හැමදාමත් සතුට පිරිලා තියේවී.
*****************
වෘශ්චික ලග්නය හිමි අය සංගීත කලා ක්‍ෂේත්‍රයට ළැදියි
ඒ් වගේම ඒ් ඒ් ක්‍ෂේත්‍රයන්හි වෘත්තීන්හී නිරත සහකරුවකු හෝ සහකාරියක් ලැබීමේ භාග්‍යය තියෙනවා.
වයසට ගියත් තරුණකමේ නම් අඩුවක් නෑ.
මේ නිසා විවාහ ජීවිතයේ අනවශ්‍ය ගැටලුත් ඇතිවෙනවා.
හැබැයි මේ දේවල් දැනගෙන හරියට දෙන්නම විශ්වාසවන්ත වුනොත් ජීවිතේ සාර්ථක වෙනවා බලන් ඉද්දි
අපි බලමු දැන් ලිංගික ජීවිතය ගැන
වෘශ්චික ලග්න හිමියන් කැපී පෙනෙන ක්ෂේත්‍රය මෙක තමයි..
මේ අය ලිංගික හැසිරීම පුදුමාකාර ආකර්ෂණීය වන අතර අසීමාන්තික ආශාවන්ගෙන් යුක්ත වෙනවා.
නාට්‍යමය ආකාරයකට තම ලිංගික එක්වීම් සිදු කිරීමට මේ අය දැඩි කැමැත්තක් දක්වනවා
සහකරු හෝ සහකාරිය සමග ක්ෂණිකව ආදරයක් ඇතිකර ගැනීමට මොවුන් සතුව ශක්තිය තියෙනවා.
ඔහු හෝ ඇය සමඟ ගැඹුරු සම්බන්දතාවයක් ඇති කර ගන්නත්මොවුන් අති දක්ෂයි.
ඒ් වගේම අනිත් පාර්ෂවය රුක බලා ගැනීම වගේම උපරිමයෙන් සත්කාර කරන්නත් මේ අය ගොඩාක් කැමතියි.
නිතරම තමන් වගේම අනිත් කෙනාව සතුටින් තියන්නත් මේ අය උනන්දුයි.
ලස්සන ඇඳුම් අඳින්න වගේම අනිත් කෙනා ආකර්ෂයය වන විදියට විලාසිතා කරන්නත් මේ අය හරිම කැමතියි.
වෘශ්චික ලග්න හිමි අයට විවාහයට වඩාත් හොඳින් ගැලපෙන්නේ – වෘෂභ , සිංහ , කන්‍යා , කටක , මීන කියන ලග්න හිමියන්.
****************
ධනු ලග්නය හිමි පිරිමි අය මනා කඩවසම් සිරුරක් ඇති අය වගේම කාන්තාවන් ආකර්ෂනීය රුවකින් යුක්ත වෙනවා
උසස් අයගේ ඇසුරට මේ අය ගොඩක් කැමතියි..
ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද වැඩි නැබුරු තාවයක් දක්වන මේ අයගේ විවාහ ජීවිත ගොඩාක් වාසනාවන්තයි.
ආදරය සහ ලිංගිකත්වය ගැන කතා කරද්දි ධනු ලග්න හිමියන් තම යහන මතදී අත්හදා බැලීම් සිදු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
මේ අය ඉතා හොඳ දිගු සංසර්ගයන්ට යා හැකි අය වෙනවා.
නිතරම නැවුම් යමක් සිදුකිරීමට උත්සාහ ගන්නවා .
එකම විදියට ආදරය කරද්දි අනෙත් කෙනාට නීරස වේ යැයි තියෙන බය හින්දාම මේවිවිධ අය ආකාරයේ අත්හදා බැලීම් වලට පෙලෙඔනවා
පවුල කියන භූමිකාවෙදි නම් මේ අය වගකීම් දැරීමේ දී යම් යම් අඩු පාඩු දකින්න පුළුවන්.
හැමදේම ගොඩාක් සරලව සහ සැහැල්ලුවෙන් හිතන්නේ.
වගකීම් දරන්න මැලි කමක් දක්වනවා වගේම අනිත් පාර්ශවයෙන් ඒක කරගන්න උත්සහ කරනවා.
මේ නිසාම පවුල් දිවියේ අවුල් ඇති වෙන්න පුළුවන්.
කොහෙම වුනත් මේ අයට වඩාත් හොඳින් ගැලපෙන්නේ – මිථුන , සිංහ , මේෂ , තුලා කියන ලග්න වලින් උපන් අය.
**********
මකර ලග්නයෙ අය බොහොම සෞම්‍යගති පැවැතුම් තියෙන අය.
මේ අය සංගීතය වගේ කලා ක්‍ෂේත්‍රයන්ට ගොඩාක් කැමතියි.
දරු සම්පත් ලබන්න ගොඩාක් කැමතියි
හැබැයි සල්ලි රැස්‌කිරීමට නම් ඒ් තරම් උනන්දුවක් නැහැ.
මේ අය ඒ තරම් ලිංගික කටයුත්තට උනන්දුවක් දක්වන්නේ නෑ.
හැබැයි අනිත් පාර්ශවය වෙන්වෙන් උපරිමයෙන් කැපවෙනවා.
ආදරය ගෞරවය සැලකිල්ල මේ හැම දේම අඩුවක් නැතිව ලබා දෙනවා.
මකර ලග්න හිමියන් සමග ඇතිකර ගන්නා ආදර සම්බන්දතාවයක බොහෝ සංවේදී වනවා.
මේ අය අතරේ තියෙන්නේ පවිත්‍ර ප්‍රේමයක්
මේ නිසාම ජෝතිශයට අනුව මේ අයට වඩාත් හොඳින් ගැලපෙන්නේ – කටක , වෘෂභ , මීන , වෘශ්චික ලග්න හිමියන්.
************
කුම්භ ලග්නය ගැන කියද්දි මේ අය තේජවන්ත පෙනුමක් තියෙන අය.
ඒ් වගේම ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත වනවා.
උසස් ප්‍රභූවරුන්ගේ ඇසුරට මේ අය ගොඩාක් කැමතියි.
හැබැයි මේ ලග්න හිමි කාන්තාවන් තනි තීරණ මත කටයුතු කරන අහංකාර ස්වරූපයෙන් කටයුතු කරනවා.
මේ නිසා යුග දිවියට බාධක එල්ල වීමට අවස්ථා තියෙනවා.
මොවුන් යහන මතදී වගේම ඉන් පිටතදීත් ලිංගික ක්‍රියාකාරකම් වෙත යොමු වීමට ලොකු කැමැත්තක් දක්වනවා.
මේ අය ගොඩාක් සෙල්ලක්කාර පුද්ගලයන් වෙනවා.
මේ නිසාම යුග දිවියේදී අසම්මත බැඳිම් නිසා ගැටළු ඇති වෙන්නත් අවස්ථාව තියෙනවා.
මේ අය තම සහකරුවා හෝ සහකාරිය මානසිකව උපරිමයෙන් උත්තේජනය කිරීමේ හැකියාවකින් යුතු වනවා.
මේ නිසාම කුම්භ ලග්න හිමි ඔයා වඩාත් හොඳින් ගැලපෙන්නේ – සිංහ , මිථුන , තුලා , මේෂ ලග්න හිමියන්.
**************
මීන ලග්නයෙන් උපන් අය සමාජසේවා කටයුතුවලට වැඩි ළැදියාවක් දක්‌වනවා
ලේඛන කලාව, ගුරු වෘත්තිය වගේ දේවල් මේ අයට උරුමයි.
මීන ලග්න හිමියන් ස්වභාවයෙන්ම ආකර්ෂණීය පුද්ගලයන් පිරිසක්
මොවුන් ඉතාම ප්‍රියකරුයි
මේ අය ඔබ සිතන්නටත් පෙර ඔබව තම යහන වෙත රැෙඟන යාමේ හැකියාවකින් යුක්ත වනවා.
ඉතා සෞම්‍ය විදියට ලිංගික එකතුවීමක නිරත වන මේ අය ආදරය කියන් මතෘකාවෙිදී අනිත් හැමදෙනාටම වඩා ගොඩාක් හැඟීම්බර වනවා.
මීන ලග්න හිමියන් ඉතාමත් ආදරනීය වන බැවින් මොවුන් ඔබ සමග කතා කරන විටදී ඔබ මොවුන් තුළට තව තවත් ආකර්ෂණය වෙන බව සිකුරුයි.
මේ හින්දාම මේ අයට වඩාත් හොඳින් ගැලපෙන්නේ – කන්‍යා , වෘශ්චික , වෘෂභ , කටකකියන ලග්න හිමියන්.
**********
මේන්න මේ විදියට තමයි ඒ් ඒ් ලග්න හිමි අයගැන සහ ඒ් අයට ගැලපෙන අයගැන විස්තර වෙන්නේ.
ඔබ ඔබ ගැන වගේම ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය ගැන හිතද්දි යම් මට්මකට මේ වීඩියෝ එක වැදගත් වේවි.
ඒ් වගේම ජීවත්වීමේ කලාවෙදි
මුදල් තනතුරු යාන වාහන වලට වඩා වැදගත් වෙන්නේ
හැඟීම් දැනීම් වගේම විශ්වාසය
මේ හින්දා ජීවිතේ අනාගතය තීරණය කරද්දි මේ ගැනත් හිතල බලන්න.
එකිනෙකා හඳුනගෙන සාර්ථක ජීවිතයක් ගෙවන්න.
ආයෙ දවසක මේ වගේ වැදගත් පණිවුඩයකින් මුණගැහමු.