වයස් සීමාවකින් තොරව අද බහුලව තියෙන ලෙඩක් තමයි කොන්දේ අමාරුව,නැත්නම් කොන්දේ කැක්කුම. මේදේ නිසා අද වෙද්දී බොහෝ දෙනෙක් හිතින් ගතින් පීඩා විදි...
වයස් සීමාවකින් තොරව අද බහුලව තියෙන ලෙඩක් තමයි කොන්දේ අමාරුව,නැත්නම් කොන්දේ කැක්කුම.
මේදේ නිසා අද වෙද්දී බොහෝ දෙනෙක් හිතින් ගතින් පීඩා විදිනවා.
මේ කියන්න හදන්නේ ඒ ගැන වැදගත් වෙන විස්තරයක් .
අපි දන්නවා වයසට යනවා කියන්නෙම ලෙඩ ගොඩක් එක්ක අපිට ජීවත්වෙන්න සූදානම් වෙන එකට.
හැබැයි අපිට පුළුවන් මේ දේ ගැන අවබෝධයෙන් ඉදලා මෙන්න මේ කොන්දේ වේදානාවෙන් මිදෙන්න.
අපි වයස්ගත වෙනවා එක්ක අපේ කොන්ද දිරාපත් වෙනවා.
මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි.
වයස්ගතවෙනවා එක්ක අපේ කොන්දට සම්බන්ධ පටකවල රැදෙන සංයුතීන්වල වෙනස්කම් සිද්ධ වෙනවා. අන්න ඒ දේ එක්ක තමා මේ කොන්දේ දිරාපත් වීම ආරම්භ වෙන්නේ.
පටක වල රැදෙන ප්‍රෝටීන් මේදය ලවණ ජලය මෙන්න මේවායේ සංයුතීන් වෙනස් වීම මෙහිදි මූලික වෙනවා.
මේ විදියට සංයුතීන්වල සිදුවන වෙනස්කම් එක්ක අපේ කොන්දට තියෙන දරාගැනීමේ ශක්තියත් අඩු වෙනවා.
ඒ අනුව පටකවල තියෙන දැඩි බව ,දරාගැනීමේ හැකියාව,ඝර්ශනයට ඔරොත්තු දීම,සක්රීයභාවය වගේම පටක නැවත වර්ධනය වීම අඩාලවෙනවා.
මේත් සමගම අපේ කොන්දේතිබුන ශක්තිමත් බව ටිකෙන් ටික බිදවැටෙනවා.
දැන් ඔබට හිතෙනවා ඇති මේ කරදරයෙන් මිදෙන්න ක්‍රමයක් නැතිද කියලා.
මිදෙන්න ක්‍රමයක් නෑ...
මොකද අපේ ජිවීතේ කියන්නෙම විනාශ වෙන දිරායන දෙයක්.
හැබැයි මෙන්න මේ විදියට හිටියොත් ඔබට පුලුවන් මේදේ පමාකරගන්න වගේම මග හරවාගන්න.
කරන්න ඕන මොකක්ද කියලා දැන් කියන්න හදන්නේ.
ඒ තමා ජිවිතේ හැමදාම ක්‍රියාශීලීව සිටීම කියන දේ.
අද බොහෝ දෙනා රූපය සහ ශරීරය ගැන හිතන්නේ තරුන කාලේ.
ටිකෙන් ටික වයසට යනකොට මේ දේවල් නොසලකා හරිනවා.
මේසෙකට පුටුවකට වෙලා ඉන්න තමයි ආස.
හැබැයි මේ කරදරයෙන් මිදෙන්න නම් එහෙම බෑ.
ඔයා ජිවිතේ හැම අවදියෙම ක්‍රියාශීලීව ඉන්න ඕන.
නිතර වයායාම වල නිරතවීම, මෙ හිදී ප්‍රදාන වෙනවා වගේම තවත් සාදක කිහිපයක් මේ වැඩේට හවුල් වෙනවා.
ඒ තමා සමබල ආහාර වේලක් ගැනීම සහ ශරීරයේ බර නිසිපරිදි පවත්වාගෙන යාම කියන කාරනා දෙක.
මෙහිදි තමන්ගෙ වයස වගේම බර ප්‍රමාණය අනුව වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කලොත් මේ තත්වයෙන් මිදෙන්න පුළුවන්.
අපි කවුරුත් ආසනෑ බෙහෙත් බොන්න ලෙඩ වෙන්න...ඒ නිසා අපේ සතුට වගේම ගෙදර අනිත අයගෙ සතුට ගැන හිතලා නිරෝගිමත් ජීවිතයකට අපි හුරුවෙමු කියලා lifeline අපි ඔබට යෝජනාකරන්න කැමති.
Life the Extension ඇසුරින්