නැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු ජනප්‍රිය ටෙලි සිනමා රංගන ශිල්පී චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර වරන් සිනමපටය ජනවාරි මස 29...
නැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු ජනප්‍රිය ටෙලි සිනමා රංගන ශිල්පී චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර වරන් සිනමපටය ජනවාරි මස 29 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වීම ආරම්භ විය.
එහි මංගල දර්ශනය කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාශාලාවේදී පැවැත්විණ.
හාස්‍යෝත්පාදක සිනමා සිනමාපටයක් වන මෙය චතුරගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. චතුරගේ පියාවූ එල්. එම්. පෙරේරාද සිනමාපට හතරක් අධ්‍යක්ෂණය කළ අතර ඒවා නමින් හතර පෙරළිය, හතර කේන්දරේ, හතර මහා නිධානය සහ හතර වටේ නම් විය.
එල්. එම්. තම සිනමාපට හතර යන වචනය භාවිත කරමින් නම් කළාසේම ඔහුගේ පුත්‍ර චතුර ද තමන්ගේ කුළුඳුල් සිනමාපටය සඳහාද එම වචනය යොදා හතර වරන් ලෙස නම් කොට තිබේ.
හතර වරන් සිනමාපටයේ පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, ටෙඩී විද්‍යාලංකාර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, අසංග පෙරේරා සහ චතුර පෙරේරා රංගනයෙන් දායක වේ. නිෂ්පාදනය හිරු ෆැෂන් වෙනුවෙන් සුමන දීප්ති ගුණරත්නගෙනි.